ටියුනීසියාවේ සංචාරකයන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් 39ක මරුට

Published in විදෙස්
Saturday, 27 June 2015 09:40

ටියුනීසියාවේ වෙරළබඩ සංචාරක නිකේතනයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තිස් නව දෙනෙකු මිය ගොස් තිබේ.

ඊයේ (26)සංචාරකයෙකු ලෙස වෙස් වලා ගත් පුද්ගලයෙකු හදිසියේම වෙරළේ හිරු රශ්මිය විඳිමින් සහ පිහිනමින් සිටි සංචාරකයන්ට ඉවක් බවක් නොමැතිව වෙඩි තැබීම නිසා මෙම මරණ සිදු වී තිබේ.

මිය ගිය සංචාරකයන් අතර බ්‍රිතාන්‍ය, බෙලිජියන්, ප්‍රංශ සහ ජර්මානු ජාතිකයෝද සිටිති.

මේ අතර වෛරය පතුරුවන බවට චෝදනා ලද ටියුනීසියාවේ පල්ලි විශාල ප්‍රමාණයක් වසා දැමීමට නියෝග කර ඇතැයි එරට අගමැති හබීබ් එසිඩ් පවසයි.

ආරක්ෂක හමුදාව විසින් එක් තුවක්කු කරුවෙකු මරා දමා ඇති බව මීට පෙර වාර්තා සඳහන් කර තිබුණු නමුත් ඔහු තනිවම මෙම ප්‍රහාරය එල්ල කළේ ද යන්න තවමත් පැහැදිලි නැත.

මාස කිහිපයක් ඇතුළත මෙවැනි ප්‍රහාරයන් දෙකක් සිදු වූ අතර එය ටියුනීසියාවේ සංචාරක කර්මාන්තයට තද බල පහරක් වී තිබේ.

මාර්තු මාසයේ දී ටියුනීසියාවේ කෞතුකාගාරයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් විසි දෙනෙකු පමණ මරණයට පත් විය.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us