ඩොමිනික් කොටේස් නමැති මෙම 51 හැවිරිදි කාන්තාව තමන්ට ඉපදුණු දරුවන් හුස්ම හිරකොට මරාදමා නිවස අවට වැළලූ බව 2010 වර්ෂයේදී හෙළිවිය.
මෙම මරණ සිදු වී ඇත්තේ 1999 - 2000 අතර කාලයේ දී බව සඳහන් වේ.
මේ මරණ සම්බන්ධයෙන් ඇය වරදකරු වේද සහ යම් මානසික රෝගයකින් පීඩා විඳීම නිසා මෙමෙ මරණ සිදුවන්නට ඇතිදැයි තීරණය කිරීමට ජූරි සභාවක් පත්කර ඇති බව වාර්තා වේ.
අගේ තරබාරු බව හේතුවෙන් ඇය ගැබිනියක බව කිසිවෙකුට දැනගැනීමට නොහැකි වී ඇත. එසේම ඇගේ තරබාරුකම හේතුවෙන් කුඩා කල පටන්ම මහත් පිඩාවක් විඳි බව ඇගේ ප්‍රකාශයේදී සඳහන් කර තිබේ.