බොස්ටන් ප්‍රහාරයේ සැකකරු මරණයට පත්වූවන්ගෙන් සමාව අයදී

Published in විදෙස්
Thursday, 25 June 2015 10:59

බොස්ටන් මැරතන් ප්‍රහාරයේ සැකකරු 21 හැවිරිදි ඩිසොකාර් ටිසර්නෙව් ප්‍රහාරය නිසා මරණයට පත්වූවන්ගෙන් සහ තුවාල ලැබූවන්ගෙන් සමාව ඉල්ලා තිබේ.

2013 වසරේදී සිදු වූ මෙම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඊයේ ෆෙඩරල් අධිකරණයේදී  ඔහුට මරණ දඬුවම හිමි වූ අවස්ථාවේ ඔහු මෙම ප්‍රකශය සිදු කර ඇත.

 එම ප්‍රහාරයට සම්බන්ධ ඩිසොකාර්ගේ වැඩිමහල් සොහොයුරා 2013 වසරේදීම පොලිස් නිලධාරීන් සමග කළ වෙඩි හුවමාරුවකදී මිය ගොස් තිබේ.

බෝම්බ ප්‍රහාරය සඳහා සිය වැඩිමහල් සොහොයුරාට සහාය ලබා දීම මොහුට එල්ල වී ඇති චෝදනාවයි.

ඉකුත් අප්‍රේල් මාසයේ දී මේ සම්බන්ධයෙන් පුද්ගලයින් 12 දෙනෙකුගෙන් යුත් ෆෙඩරල් ජූරි සභාවක් ඉදිරියේ එම නඩුව විභාගයට ගැනුණි. එහිදි ඔවුන් 12 දෙනාම දින තුනක් තුළ පැය 14ක් පමණ සාකච්ඡා කරමින් ඒකමතිකව තීරණය කර තිබුණේ මොහුට මරණ දඬුවම ලබා දිය යුතු බවයි.

කෙසේ වෙතත් අධිකරණය ඉදිරිපිටට රැස්වූ පුද්ගලයන් කිහිප දෙනෙක් මෙම සැකකරුට මරණ දඬුවම ලබා නොදෙන ලෙස ද ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ. 2013 වසරේ සිදු වූ මෙම ප්‍රහාරයේදී පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 300කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබීය.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us