මහින්ද විරෝධීන්ගෙන් යහපාලනය වෙනුවෙන් අලුත් පෙරමුණක්

Published in පුවත්
Friday, 03 July 2015 15:32

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදස් සන්ධානයේ නාමයෝජනා සහ කණ්ඩායම් නායකත්වය ලබා දෙන බව සඳහන් ලියවිල්ලකට මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා ඇති බව ජනාධිපති නිල නිවස්නෙන් ලැබෙන ආරංචි මාර්ග තහවුරු කරයි.

අද පස්වරු 4.00ට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී අදාළ තීරණය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව පැවසේ.

මෙම තීරණය මීට කලකට ඉහත මෛත්‍රී සහ මහින්ද අතර පැවති සාකච්ඡා වලදී ගත් තීරණයක් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. එය දැනුම් දීම ප්‍රමාද කර ඇත්තේ පාක්ෂිකයින් මෙම තීරණය සම්බන්ධයෙන් විරෝධතා එල්ල කරතැයි යන අවිනිශ්චිතභාවය හේතුවෙන් බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් හෙළ උරුමය සහ මහින්ද විරෝධි අනෙකුත් පිරිස් පොදු පෙරමුණක් යටතේ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බවද වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us