මෛත්‍රී ජනතාවට ද්‍රෝහී වුණා

Published in පුවත්
Saturday, 04 July 2015 09:04

මේ රටේ පැවැති ක්‍රමයට විරුද්ධව වැරදි කරපු අයට විරුද්ධව රට බංකොළොත් කරපු අයට විරුද්ධව ජනතාව ජනවාරි 8 වැනිදා කළ යුග පෙරළියෙන් බලාපොරොත්තු වූ දේ ඉටු නොකොට නැවත වතාවක්‌ ඒ අයම අරගෙන ගමන් කරනවානම් ඡන්දය දුන් ලක්‌ෂ හැටදෙකක ජනතාවට ද්‍රෝහි වීමක්‌ බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

රට විතරක්‌ නොව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ දෙවැනි නායකයෙක්‌ හැදෙන්න ඉඩ නොදී පුත්තුන්ට සහෝදරයන්ට විතරක්‌ හැදෙන්න ඉඩදී පක්‌ෂයත් විනාශ කරමින් ගමන් කරමින් සිටි බව එතුමිය තවදුරටත් කියා සිටියාය.

චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය එසේ අදහස්‌ පළ කළේ කොටිකාවත්ත සණස ශාලාවේදී පැවැති එතුමියගේ 70 වැනි ජන්ම දිනය සමරා පැවැති උත්සව අවස්‌ථාවේදීය.

කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න ගුණසිංහ සෝලංගආරච්චි මහතා විසින් සංවිධානය කරන ලද මෙම උත්සව අවස්‌ථාවට ප්‍රාදේශීය සභාවේ උප සභාපති, සුමුදු රුක්‌ෂාන් මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ද කොළොන්නාව ආසනයේ ජනතාව ද විශාල පිරිසක්‌ සහභාගි වූහ.

මෙහිදී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කිහිපදෙනකුට සම්මාන ප්‍රදානයක්‌ද සිදු කරන ලදී.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය -

අර තනතුර දෙනවා මේ තනතුර දෙනව කීව පළියට තනතුරු දෙන්න පුළුවන්ද?. මේ රටේ ලක්‌ෂ හැට දෙකක්‌ ජනතාව ඡන්දය දුන්නේ පැවැති ක්‍රමය වෙනස්‌ කරන්න. මේ රටේ ඇති කරපු භීෂණයට විරුද්ධව ආණ්‌ඩුව සිදුකළ හොරකම්වලට විරුද්ධව.

එදා ආණ්‌ඩුවට විරුද්ධව කතා කළොත් ඒ අයව මරනවා. එහෙම නැත්නම් අඩන්තේට්‌ටම් කරනවා. සුදු වෑන් වලින් ඇවිල්ලා අතුරුදන් කරනවා. කාටවත් කතා කරන්න අයිතියක්‌ තිබුණේ නෑ.

මැඩම් අපට ලබාදුන්න නිදහස කොයිතරම් වටිනවද කියලා ඇමැතිවරු කී දෙනෙක්‌ කතා කරල කිව්වද? ඇමැතිවරු දෙන්නෙක්‌ එකතු වෙලා කතා කළොත් කෝල් එකක්‌ එනවලු ලොක්‌කාගෙන් මොනවද තමුසෙල මට විරුද්ධව කතා කෙරුවෙ කියලා මේක ඔල්මාදයක්‌ වගේ පත්වෙලා තිබුණේ. මම මේක ඉස්‌සෙල්ලා ඇහුවම බොරුවක්‌ කියලා හිතුණා. ඒත් හැමෝම කියන්න ගත්තම තේරුණේ මන්ත්‍රීවරු දෙදෙනෙක්‌ අතරවත් කතා කරන්න නිදහස්‌ නෑනේ කියලා.

දැන් කතාවක්‌ තියෙනවා අප පක්‌ෂය දෙකඩ කරන්න සූදානම් වෙනවලු. මේක විහිලු කතාවක්‌ පක්‌ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධව කටයුතු කරනවානම් ඔවුන්ට විරුද්ධව තමයි විනයානුකූලව කටයුතු කරන්න ඕනෑ. එහෙම කරල පක්‌ෂය හැදුවොත් ආයිමත් පක්‌ෂය ගොඩ ගන්න පුළුවන්. එහෙම නොකරන නිසා තමයි පක්‌ෂය දෙකඩ වෙන්නේ.

නායකත්වය කියන්නේ නිකම් අහසින් පහළවෙන දෙයක්‌ නොවෙයි. නායකයකුට පැහැදිලි ප්‍රතිපත්තියක්‌, දර්ශනයක්‌ තියෙන්න ඕනෑ. කොතැනින් පටන් ගෙන කොහාටද යන්නේ කියලා අවබෝධයක්‌ තියෙන්න ඕනෑ.

එජාපය සමඟ හුඟාක්‌ ගැටුම්කාරි ලෙසයි අපේ සම්බන්ධය තිබුණේ. රටේ දේශපාලන ඇබැද්දියක්‌ සිදුවූ කාලවකවානුවක ඒ සියලු වාද භේද පැත්තක දාලා පැහැදිලි ප්‍රතිපත්තියක්‌ හදා ගත්තා.

මේ රටේ සෝභිත නාහිමිපාණන් වැනි අවංක නායකවරුන්ගේ මග පෙන්වීම මත රට නැවත වතාවක්‌ ගොඩනගන්න ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය කටයුතු කළා. පක්‌ෂයට කලින් රට හදලා ඉන්න ඕනෑ කියලා හිතුවා.

මම අනුගමනය කළ ප්‍රතිපත්තිය පොදු ජනතාව වෙනුවෙන් සේවය කිරීම. එහෙම නැතිව අපේ සාක්‌කුවේ දාගන්න නොවෙයි. රටේ සියලුම සම්පත් සමස්‌ත රටේ ජනතාවට පවරලා, ජනතාව වෙනුවෙන් පාවිච්චි කිරීම, අපිට වැඩියෙන් කොමිස්‌ හම්බවෙන ව්‍යාපෘතිය කුමක්‌ද රටට මේ ව්‍යාපෘතිය හොඳද නැද්ද කියලා බලන්නේ නැතිව පසුගිය අවුරුදු දහය තුළ ක්‍රියාත්මක වුණා.

දහස්‌ ගණන් සැලසුම් කරලා නිලධාරීන්, බුද්ධිමතුන් පෞද්ගලික අංශයේ අයත් සම්බන්ධ කරගෙන අධ්‍යාපනය, සෞඛ්‍ය, පාරවල්, මහා මාර්ග, විදුලිය ඒ හැම දෙයක්‌ම සම්බන්ධව සැලසුම් හදලා හොඳම ක්‍රමයයි ක්‍රියාත්මක කළ යුත්තේ.

අවංක නායකත්වයක්‌ තියෙන පක්‌ෂයක්‌ තමන්ගේ සියල්ල රට වෙනුවෙන් කැපවෙනවා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය කියන්නේ තමන් වෙනුවෙන් නොව සියල්ල රට වෙනුවෙන් හිතල කටයුතු කරන පක්‌ෂයක්‌.

ප්‍රසන්න ගුණසිංහ සෝලංගආරච්චි මහතා - අප දිවි හිමියෙන් සිදුකළේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ආරක්‌ෂා කරනවා. අප පක්‌ෂයෙන් එළියට ගියේ පක්‌ෂය අලුත්වැඩියා කරන්න. අපි එළියට ගිහින් පක්‌ෂය නවීකරණය කරලා ආවා. ඇතුලේ ඉඳන් අලුත්වැඩියා කරන්න ගියානම් මුදුන් ලීය ඔලුවට වැටිලා මැරෙන්න තිබුණා.

 

divaina

Last modified on Saturday, 04 July 2015 09:10

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us