ගංසූරිය මල් ළමා ගී සරණිය - ජූලි 03 සවස 7 ගිරිඋල්ල නගර ශාලාවේදී

Published in කලා
Thursday, 02 July 2015 09:49

ගංසූරිය මල් නමින් ළමා ගී සීඞී තැටියක් එලිදැක්වීම කටයුතු යොදා තිබේ. ගිරිඋල්ල නගර ශාලාවේදී ජූලි 03 වෙනිදා සවස 7 ට මෙම සීඞී තැටිය දොරට වැඞීම පිලිබද සංගීත සන්ධ්‍යාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

සුභාවිත ළමා ගීතය පිලිබද ලංකාවේ නමක් රැන්දූ සුනිල් දයානන්ද කෝණාරයන් විසින් මෙම නව ළමා පරපුර කැදවාගෙන විත් තිබේ.

ගංසූරිය නම්න් එළි දැක්වෙන මෙම ගීත සීඩි තැටිය වෙනුවෙන් සියලූ ගීත රචනා කර ඇත්තේ ප‍්‍රවීන ගීත රචක රත්න ශ‍්‍රී විජේසිංහයන් සහ සුගත් සෝමවීර විසිනි. ගී තනු සහ සංගීත අධ්‍යක්ෂණය සුනිල් දයානන්ද කෝණාරයන් විසින් සිදු කර තිබේ.

ලංකාවේ ගීත කලාවේ නව අනන්‍යතාවයක් ප‍්‍රකට කල ගීත රචකයෙකු තනු නිර්මාපකයෙකු සහ සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන සුනිල් දයානන්ද කෝණාරයන් අවුරුදු 30 කට වැඩි කාලයක් පුරා ලංකාවේ ළමා පරපුර උදෙසා ගීත කලාවක් අස් වැද්දීම වෙනුවෙන් මහගු කැපවීමක් කල පුද්ගලයෙකු ලෙස ප‍්‍රකටය. ගිරිඋල්ල වික‍්‍රමශිලා සංගීත ආශ‍්‍රමයේ ආරම්භය සමග බොහෝ පරපුරක් ඉදිරියට පැමිණි බව ප‍්‍රකට කාරණාවකි. හර්ෂණ දිසානායක ඇතුළු දහස් ගනනක් දරුවන්ට තෝතැන්න වූයේ වික‍්‍රමශිලා සංගීත ආශ‍්‍රමයයි.

ගුරු භූමිකාවෙන් විශ‍්‍රාම ගැනීමත් සමග තම යුග මෙහෙවර අත් නොහල සුනිල් දයානන්දයන් කෝණාර සංගීත් ඇකඩමිය පිහිටුවා තම සමාජ මෙහෙවර තවදුරටත් ඉදිරියට රැගෙන යමින් සිටි. මෙවර ගී සරණිය වෙනුවෙන් නව දරුවන් 14 දෙනෙකුගේ ගීත ලාංකේය ළමා ගීත අතරට එක් වීමට නියමිතය. අදාල දින පැවැත්වෙන සංගීත සරණියේ ප‍්‍රධාන ආරාධිතයින් වන්නේ ප‍්‍රවීන ගීත රචකයන් දෙපලක් වන රත්න ශ‍්‍රී විජේසිංහ යන් සහ දම්මික බංඩාරයන්ය. සීඞී තැටියට අදාල ගීත දරුවන්ගේ මුවින් ගැයෙන සංගීත සරණිය හා එක්වන්නට සුනිල් දයානන්දයන් දරුවන්ගේ දෙමාපියන් සහ දරුවන් සැමට ආරාධනා කර තිබේ.

Gan-Sooriya-Mal-CD---01

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us