පූජ්‍ය ආචාර්ය දඹර අමිල හිමි, මහාචාර්ය සරත් විජේසූරිය, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ගාමිණි වියන්ගොඩ සහ අචාර්ය හරිණී අමරසූරිය ප්‍රධාන කථිකයින් ලෙස අදහස් දැක්වීමට නියමිතය. මෙම සංවාදය සඳහා කලාකරුවන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් සහභාගී වීමට නියමිතය.
ජනවාරි 08 වන දින ශ්‍රීලාංකේය දේශපාලන ඉතිහාසයේ සිදුවූ විප්ලවීය වෙනසෙහි දේශපාලනිකල සමාජීය හා සංස්කෘතික වටිනාකමත් මේ අවස්ථාව වන විට එකී වටිනාකම් අර්බුදයට ගොස් ඇති ආකාරයත් සහ එකී ජනතා ජයග්‍රහණ සුරකීමේ වැදගත්කම සහ අවශ්‍යතාවයත් අවධාරණය කරන මෙම සංවාදයේදී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සිවිල් සංවිධාන වල කාර්යභාරය කුමක් විය යුතුද යන්න පිළිබඳවත් අවධානය යොමු කරයි.