හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පන්සලක් පන්සලක් ගානේ යමින් මල් පූජා තියලා පිං රැස් කරගන්නවා වෙනුවට ජාතික ආරක්ෂාව අනතුරේ වැනි මහා පරිමාණ බොරු කියා රට නොමඟ යවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

මහලු වයස ආදරය රැකවරණය වැඩිපුර අවශ්‍ය කාලයක්. තමන්ගෙ ආදරය වෙනුවෙන් නඩු කියන්න එංගලන්තයේ ඩර්බි නගරයේ ජීවත්වෙන 84 හැවිරිදි තෝමස් මිඩ්ල්ටන් ලෑස්ති වෙනවා.

පාකිස්ථානයේ මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් පුද්ගලයන් 120 දෙනෙකු පමණ මියගොස් ඇති බව පැවසේ. එරට සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි කරච්චි නුවර ආශ්‍රිත ප්‍රදේශවල වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

තම සංවිධානයට දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි වීමට මැතිවරණ නීතිමය අවකාශයක් නොමැති හෙයින් ප්‍රධාන දේශපාලන පක්ෂයක් ඔස්සේ ලබන සතියේ සිට දේශපාලන කටයුතු ආරම්භ කරන බව බොදුබල සේනා සංවිධානයේ මහ‍ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර පවසයි.

ගැසට්‌ කර ඇති විසිවැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය හරහා බහු පක්‍ෂ දේශපාලන ක්‍රමයක්‌ වෙනුවට ද්විපක්‍ෂ දේශපාලන ක්‍රමයකට ඉඩ හැදෙනවා නම් සුළු පක්‍ෂ සමඟ එක්‌ව එජාපය ද පාර්ලිමේන්තුවේදී එය පරාජයට පත්කිරීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (21 දා) කීවේය.

රටක සිටිය යුත්තේ එක් නායකයකු මිස දෙදෙනකු නොවන බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළමනාකරණය කිරීමට වෙනත් කිසිවකුට ඉඩ ‍ලබා නොදෙන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ තිබෙන ගැටලුකාරී තත්ත්වයන් විසදාගැනීමට නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර, මහ මැතිවරණයක් පවත්වන ලෙස, කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නායක හිමියෝ පැවසූහ.

දක්ෂ රගර් ක්‍රීඩකයකු වූ තාජුඩීන් අබිරහස්‌ අන්දමින් ඝාතනය කිරීම සහ මාධ්‍යවේදී ප්‍රදීප් එක්‌නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇත.

මහ මැතිවරණ ජයගෙන නැවත වතාවක් හැත්තෑ හතේ යුගයේදී එක්සත් ජාතික පක්ෂය බිහිකළ මහවැලි යුගය, ගම්උදා යුගය වැනි මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති මෙරට ඇතිකරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

සුළු පක්ෂ සහ අගමැති අතර හමුවක් අද(21) පැවැත්වේ.

Connet With Us