විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සඳහා දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය ඇතුලූ සුළු පක්ෂ අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුණගැසීමට නියමිතය.
විසිවන ආණ්ඩුක්‍රම සංශෝධනය සම්බන්ධයෙන් සුළු පක්ෂවල නායකයන් සහ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අතර සාකච්ඡාවක් ඊයේ (20) පැවැත්වූ අතර එහිදී සාකච්ඡා කෙරුණු කරුණු පිළිබඳව අද අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බව වාර්තාවේ.