පාකිස්ථානයටත් උණුසුම් කාලගුණයෙන් පීඩා

Published in විදෙස්
Monday, 22 June 2015 10:14

පාකිස්ථානයේ මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් පුද්ගලයන් 120 දෙනෙකු පමණ මියගොස් ඇති බව පැවසේ. එරට සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි කරච්චි නුවර ආශ්‍රිත ප්‍රදේශවල වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

කරච්චි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ද ඉක්මවා ඇති බව පැවසේ. කරච්චි නුවර ජින්නා රෝහලේ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ මියගිය අයගෙන් වැඩි පිරිසක් වැඩිහිටි පුද්ගලයින් බවයි.

එසේම විදුලි පරිභෝජනය ඉහළ යාම හේතුවෙන් නගරය තුල විදුලි කප්පාදුවක්ද සිදු කර ඇති බව වාර්තා වේ.

මෙම දැඩි උණුසුම තවත් දින කිහිපයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ. කරච්චි නුවරින් ඉතිහාසයේ වාර්තා වී ඇති වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 47ක් බව කාලගුණ වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.

මීට මාසයකට පමණ පෙර ඉන්දියාවේද මෙවැනි දැඩි උණුසුමක් පැවති අතර ඉන් මියගිය සංඛ්‍යාව 1700 ඉක්මවා තිබුණි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us