පාප් වහන්සේ පරිසරය වෙනුවෙන් මැදිහත්වෙයි

Published in විදෙස්
Friday, 19 June 2015 10:12

අපි සියලු දෙනා විනාශයකට මුහුණ දී සිටින නිසා පරිසරය සුරකින ලෙස පාප් වහන්සේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පිටු 192 කින් සමන්විත රදගුරුවරුන් වෙත යොමු කළ ලිපියකින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ මිහිතලය උණුසුම් වීමට මිනිස් ක්‍රියාකරකම් දැඩිව බලපා ඇති බවයි. පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම කෙරේ කඩිනම් අවධානය යොමු කරන්නැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටී.

පෙට්‍රෝලියම් ආදී පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීමට හැකිවෙන පරිදි වඩාත් සංවර්ධිත රටවල් වල වැසියන් තමන්ගේ ජීවන රටාව සහ පරිභෝජන රටාවන් වෙනස් කරගත යුතු බව එම ලිපියේ සඳහන් ඇති බව පැවසේ.

පාප් වහන්සේගේ මේ අදහස් දැක්වීම දෙසැම්බර් මාසයේදී ප්‍රංශයේ පැරිස් අගනුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන් ගේ කාලගුණික සමුළුවේ කතා බහ කෙරේ සුභවාදී බලපෑමක් කරනු ඇතැයි පරිසරවේදීහු විශ්වාසය පළ කරති.

නමුත් ඇමරිකාවේ කොන්ස්ර්වෙටිව් පාක්ෂික ජනාධිපති ධුර අපේක්ෂකයින් වන ජෙබ් බුෂ් සහ රික් සන්ටෝර්ම් යන දෙදෙනාම පාප් වහන්සේට කාලගුණ විද්‍යාවට සම්බන්ධව අදහස් දැක්වීමට ඇති සුදුසු කම් පිළිබඳව ප්‍රශ්න කොට ඇති බව පැවසේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us