නෙළුම් කුලුනේ සෝපාන ටෙන්ඩරයෙත් දෝෂ රැසක්

Published in පුවත්
Saturday, 20 June 2015 06:07

විදුලි සංදේශ සම්ප්‍රේෂණ කටයුතුවලට ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන නෙළුම් කුලුන ව්‍යාපෘතියට සවිකිරීම සඳහා රුපියල් මිලියන 650ක් වටිනා විදුලි සෝපාන සහ විදුලි පියගැටපෙළවල් සැපයුම්කරුවන් තෝරාගැනීමේ දී අනුගමනය කර ඇති ක්‍රියාපටිපාටිය දෝෂ සහිත බව, එම කටයුතු සොයා බැලීමට පත්කළ ත්‍රි පුද්ගල විමර්ශන කමිටුව අනාවරණය කරගෙන තිබේ.

තෝරාගෙන ඇති අධිවේගී විදුලි සෝපාන සහ පියගැටපෙළ වසර පහක් තුළ නඩත්තුව සඳහා සේවා ස්ථාන නොතිබීම, එවැනි සේවා ස්ථාන එකක් හෝ ස්ථාපිත කර නැති අයදුම්කරුවකුට මෙම කොන්ත්‍රාත්තුව ලබා දීමට තෝරාගැනීමේ පරිපාටිය භාරව කටයුතු කරන උපදේශකවරුන් විසින් නිර්දේශ කර තිබේ.

එමෙන්ම මෙවැනි උපකරණ ජපානයේ පමණක් නිෂ්පාදනය කරන බවට අදාළ ටෙන්ඩර්කරු දී ඇති සහතිකය ද ව්‍යාජ බවත්, මෙවැනි උපකරණ චීනය තුළ ප්‍රධාන වශයෙන් ද, චීනයේ හා ජපානයේ ද නිෂ්පාදනය කරන බවට ද කමිටුව අනාවරණය කරගෙන තිබේ.

මෙම වෙළෙඳ නාමය සහිත උපකරණ ලබාගැනීම ද විනිවිදභාවයකින් තොරව සිදුව ඇති බව කමිටුව පෙන්වා දී තිබේ.

විදුලි සංදේශ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ එම්. එම්. සුහයිර් මහතා විසින් කොමිසමේ සභාපති ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙම කමිටුව පත්කර තිබේ.

ලන්සු ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූලතාවයක් හෝ අලෙවියෙන් පසු සේවා සපයන මධ්‍යස්ථානයක් නොමැති ලන්සුකරුවකු නෙළුම් කුලුනේ විදුලි සෝපාන සැපයීම සඳහා තෝරාගත්තේ කෙසේදැයි කමිටුවේ විමර්ශනයට ලක්කර තිබේ.

කමිටුවේ විමර්ශන කටයුතුවලින් හෙළිවී ඇත්තේ ටෙන්ඩර්කරුවන් තෝරාගැනීමේ පටිපාටිය ‍භාරව කටයුතු කළ විශ්වවිද්‍යාලයේ උපදේශකවරුන් තිදෙනකු හා කොන්ත්‍රාත් සමාගම අතර වර්ෂ 2013 ඔක්තෝබර් මාසයේ සිට සැපයුම්කරුවන් තෝරාගැනීමේ ගැටලුව තිබූ බවය. පසුව මෙම උපකරණ මේ වසරේ පෙබරවාරි මාසයේදී උප කොන්ත්‍රාත්කරුවෙකුගේ මාර්ගයෙන් ලබාගැනීමට මෙම උපදේශකයින් තීරණය කර තිබේ.

මේ උපදේශකයින් කොමිසමේ අලුත් සභාපතිවරයාට හා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නොදන්වා ටෙන්ඩර්කරු නම් කිරීමට පියවර ගෙන තිබේ. උපදේශකයන් මේ සඳහා කොමිසමෙන් කිසිදු අනුමැතියක් ලබාගැනීමට ක්‍රියාකර නැත.

විදුලි සෝපාන සවිකිරීමේදී අනුගමනය කළ යුතු නව ආරක්ෂක ප්‍රමිතීන් පිළිබඳ වසර තුනක් යනතුරු මෙම උපදේශකයින් දැනුවත්ව නොසිටි බව පසුව උපදේශකයින් නව ආරක්ෂක ප්‍රමිතීන් හඳුනාගැනීමෙන් පසු ඔවුන් නිර්දේශ කළ ප්‍රධාන ලංසුකරුට නව ප්‍රමිතීන්ට ගැළපෙන අනුකූලතා වාර්තාවක් සැකසීමට ලබා දී ඇත්තේ දින 5 ක කාලයක් බවත්, ඉන්පසු එම ලංසුකරු නුසුදුස්සකු ලෙස තීරණය කර ඇත්තේ 2014 දී එම කොන්ත්‍රාත්තුව සඳහා නව ලංසුකරුවෙකු ප්‍රසිද්ධියේ ආගමනය වීමේ පසුබිම යටතේය.

අනතුරුව නව ලංසුකරුට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට නිර්දේශකයින් තීරණය කර තිබේ.

dinamina

 

Last modified on Saturday, 20 June 2015 06:11

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us