අපේ ගැටළුව විසඳන්න රනිල් සහය දෙනවා - අනුර

Published in පුවත්
Monday, 22 June 2015 08:10

ගැසට්‌ කර ඇති විසිවැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය හරහා බහු පක්‍ෂ දේශපාලන ක්‍රමයක්‌ වෙනුවට ද්විපක්‍ෂ දේශපාලන ක්‍රමයකට ඉඩ හැදෙනවා නම් සුළු පක්‍ෂ සමඟ එක්‌ව එජාපය ද පාර්ලිමේන්තුවේදී එය පරාජයට පත්කිරීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (21 දා) කීවේය.

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය වෙනුවෙන් එහි නායක ඇමැති රවුෆ් හකීම්, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ එම්. ඒ. සුමන්තිරන්, ඇමැති රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන් යන මහත්වරුන් සහ ජනතා විමුක්‌ති පෙරමුණ වෙනුවෙන් කේ. ඩී. ලාල්කාන්ත සහ අනුර කුමාර දිසානායක මහත්වරුන්ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පෙරවරුවේ අරලියගහ මැඳුරේදී හමුවී සාකච්ඡා කර ඇත. එජාපය වෙනුවෙන් කබීර් හෂීම් මහතා ද මීට එක්‌ව ඇත.

යෝජිත විසිවැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය හරහා බහු පක්‍ෂ දේශපාලන ක්‍රමය වෙනුවට ද්විපක්‍ෂ දේශපාලන ක්‍රමයකට ඉඩකඩ සැලසෙන බව සෑම පක්‍ෂ නායකයන් ද සමඟ එක්‌ව තමන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දුන් බව අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. එසේ වුවොත් රටේ විවිධ ජන කොට්‌ඨාස නියෝජනය වන දේශපාලන පක්‍ෂ පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරෙන බව ද එමගින් ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක්‌වන බව ද තමන් පෙන්වා දුන් බව හෙතෙම කීය.

මෙසේ සුළු පක්‍ෂවලට පාර්ලිමේන්තුවේ ඉඩකඩ ඇහිරීම නිසා මින් පෙර රට විවිධ ඛේදවාචකයන්ට මුහුණදී ඇතැයි ද එම නිසා යෝජිත විසිවැනි සංශෝධනය හකුලා ගන්නා ලෙසට සුළු පක්‍ෂ බලකරන බව ද අගමැතිවරයාට ප්‍රකාශ කර ඇත.

තමන් ඉදිරිපත් කළ කරුණු කෙරෙහි අවධානය යොමු කළ අගමැතිවරයා යෝජිත විසිවැනි සංශෝධනය හරහා බහු පක්‍ෂ ක්‍රමය අහෝසි වී ද්වී පක්‍ෂ දේශපාලනයක්‌ ගොඩනැගෙනවා නම් එජාපය ද එය පාර්ලිමේන්තුව තුළ පරාජය කරන බව මෙහිදී ප්‍රකාශ කළ බව දිසානායක මහතා කීවේය.

divaina

Last modified on Monday, 22 June 2015 08:25

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us