රටකට සිටිය යුත්තේ එක නායකයයි - ජනාධිපති

Published in පුවත්
Monday, 22 June 2015 08:01

රටක සිටිය යුත්තේ එක් නායකයකු මිස දෙදෙනකු නොවන බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළමනාකරණය කිරීමට වෙනත් කිසිවකුට ඉඩ ‍ලබා නොදෙන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන කිසිවකුට පක්ෂය බෙදා වෙන්කළ නොහැකි බව පෙන්වාදෙන ජනාධිපතිවරයා පක්ෂය දෙකඩ කිරීමට ‍යම් අයකු උත්සාහ කරන්නේ නම් එය ද්‍රෝහී කමක් බව ද කියා සිටී. එහෙයින් ශ්‍රීලනිපයට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සිංහල බෞද්ධ දමිළ මුස්ලිම් සියලු දෙනාගේ ඡන්ද අවශ්‍ය යැයිද ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ නුවරඑළිය නව නගර ශාලාවේ දී ඊයේ(21) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික්ක නියෝජිත හමුවට එක් වෙමිනි.

වෙනම පෙරමුණු හදන්න කතා කරන පිරිස් ශ්‍රීලනිපයට ද්‍රෝහිකමක් කරන බවත් වාම ව්‍යාපාරයට ඔවුන් ද්‍රෝහිකමක් කරන බවත් ශ්‍රීලනිපය අසමඟිව කැඩී බිඳී සිටිය දී පැවැති මැතිවරණවලදී ජයග්‍රහණ ලබා ගෙන නොමැති බවත් ජනාධිපතිවරයා කීවේය.

පක්ෂයෙන් කිසිවෙක් වෙන් කරන්න කපා හරින්න තමාට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව ද තමාට අවශ්‍ය සියලු දෙනා සමඟින් සහෝදරත්වයෙන් සමඟින් ශ්‍රිලනිප ආණ්ඩුවක් ගොඩනැඟීමට බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය යුද්ධ කරමින් රට සංවර්ධනය කළ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ රටේ පැවැති යුද්ධය අවසන් කර රට සංවර්ධනය කරා ගෙන ගිය බවද ජනපතිවරයා කීය.

එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසීය

මට කාවවත් කපන්න වුවමනාවක්‌ නැහැ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දිනවා රට දිනවීම මගේ එකම අරමුණයි. පක්‍ෂය දෙකඩ වීමට මම ඉඩ තියන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය වෙනුවෙන් උපරිම කැපකිරීම් කරන්න මම සූදානම්.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සැවොම එකට එකතු කිරීමට මගේ පැත්තෙන් සියලුම කැපකිරීම් කරනවා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සාමාජිකත්වය නොමැති අය මෙයට මැදිහත් වී පක්‍ෂය දෙකඩ කිරීමට, කඩාකප්පල්කාරී වැඩවලට ඉඩ නොදෙන ලෙසත් පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේම ශ්‍රී ලනිප සාමාජිකයන් තම තමන්ගේ කාර්යය, තමාගේ වගකීම් දැනගෙන කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

සෑම ජනාධිපතිවරණයකදීම පෙරමුණ හා සන්ධාන අපේක්‍ෂකයන්ගේ ප්‍රධාන පොරොන්දුව වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ නායකයන් අවුරුදු 20 ක්‌ රට පාලනය කළා. එහෙත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළේ නැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී රටේ ප්‍රගතිශීලී මධ්‍යස්‌ථ මතධාරීන් මට ඡන්දය දුන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ වෙනසක්‌ කරන බවට දුන් පොරොන්දුව නිසයි. මම ජනාධිපති වී කෙටි කලකදී විධායක ජනාධිපති ක්‍රමයේ බලතල සීමා කිරීමට හැකිවුණා. දින සියයේ මැතිවරණ ප්‍රකාශය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසීමකට අනුව 18 වැනි සංශෝධනයෙන් ලබාදී තිබූ අසීමිත බලතල අහෝසි කළා.

19 වැනි සංශෝධනය තුළින් රටේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ස්‌වාධීනත්වය තහවුරු කිරීමට හැකි වුණා. නෙල්සන් මැන්ඩෙලා, මාඕ සේතුං, මහත්මා ගාන්ධි තම රටවල සමාජ පෙරළියක්‌ කළ නායකයන්. නෙල්සන් මැන්ඩෙලා වසර 27 ක්‌ හිරේ හිටියා. නිදහස ලැබී රටේ ජනාධිපතිවරයා වී රට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්‌කරණවලට ලක්‌කොට වසර හතරකින් විශ්‍රාම ගියා.

එසේම චීනය, ඇමරිකාව, අප්‍රිකාව වැනි රටවල දේශපාලකයන් බලයේ සිටින්නේ ඉතා සීමිත කාලයයි. එවැනි අලුත් දේශපාලන දැක්‌මක්‌ රටට අවශ්‍යයි.

 

Last modified on Monday, 22 June 2015 08:10

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us