හිටපු ජනපති කියන්නෙම බොරු,ජාතික ආරක්ෂාව දුර්වල වී නැහැ-රුවන්

Published in පුවත්
Monday, 22 June 2015 12:15

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පන්සලක් පන්සලක් ගානේ යමින් මල් පූජා තියලා පිං රැස් කරගන්නවා වෙනුවට ජාතික ආරක්ෂාව අනතුරේ වැනි මහා පරිමාණ බොරු කියා රට නොමඟ යවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

අරලිය ගහ මන්දිරයේ පැවැති එක්සත් ජාතික පක්ෂ තරුණ හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ කිසිසේත්ම ජාතික ආරක්ෂාව දුර්වල වීමට ඉඩ නොතබන බවයි.

පවුල් පාලන බලයක් පරාජය කළ රටේ ජනතාවට අවශ්‍යවී ඇත්තේ හිස ඔසවමින් තිබෙන දූෂිත රාජපක්ෂ පෙරමුණ මුළුමනින්ම පරාජය කිරීම බවත්,පරාජයට පත්වුණු රාජපක්ෂ කල්ලිය ඔවුන් සමඟ ගජ මිතුරන්ව කටයුතු කරපු දූෂිත පිරිස් මුළුමනින්ම පරාජය කිරීම සියළු දෙනාටම පැවරෙන වගකීමක් සහ අභියෝගයක් බවත් පැවසුවේය.වත්මන් රජය විසින් රාජපක්ෂ පාලනය රට රැගෙන ගිය අඳුරු දිශාව වෙනස් කළ බවත් කීවේය.

එක්සත් ජාතික පාක්ෂිකයොවත් , රටේ අනෙකුත් දේශපාලන මත දරන පිරිස් වත්, විශ්වාස කළේ නෑ මේ තරම් ඉක්මනට වෙයි කියලා. අපේ පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ බුද්ධි මහිමය නිසා අනෙකුත් විකල්ප දේශපාලන බලවේග වල දායකත්වය නිසා රාජපක්ෂ පාලනය අවසන් කිරීමට හැකිවූ බවත් මේ ජයග්‍රහණය තවදුරටත් තහවුරු කර ගැනීම උදෙසා කටයුතු කළ යුතු බවත් පැවසුවේය.

බලය අහිමිවී පැය 24ක් යන්න කලින් රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළු තනතුරු අහිමිවුනා. ඔන්න ඕක තමයි අපේ නායකතුමයි අනෙකුත් පක්ෂ වල නායකයොයි අතර තියෙන වෙනස" යැයි ඔහු වැඩිදුරටත් පැවසිය.

Last modified on Monday, 22 June 2015 12:22

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us