කෝටි 80ක භාණ්ඩ ප්‍රා.ලේකම් කාර්යාලවල දිරාපත්වෙනවා

Published in පුවත්
Monday, 22 June 2015 12:18

පසුගිය වසරේ අග භාගයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්වයංරැකියාලාභීන් ට ලබාදීම සඳහා නිකුත් කරන ලද රුපියල් කෝටි අසූවක් පමණ වටිනා භාණ්ඩ සහ උපකරණ මේ වනතුරු ඔවුන් වෙත ලබා නොදී දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තිහේ ශ්‍රවණාගාර තුළ ගොඩගසා දිරාපත්වෙමින් තිබෙන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

ඇතුගල්පුර ජන මාධ්‍ය සංසදය මගින් සංවිධාන කරන ලද මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම තොරතුරු අනාවරණය කළේය. මාස්පොත , කෙළිමුණේ හෝටලයක දී පැවැති මෙම හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ ශාන්ත බණ්ඩාර මහතා මෙසේද සඳහන් කළේය.

මෙම භාණ්ඩ හා උපකරණ විධිමත් ටෙන්ඩර් පටිපාටියකට අනුව අදාළ ස්වයංරැකියාලාභීන්ගේ නමින්ම ලබා ගත් ඒවායි. ඒවා ස්වයංරැකියාලාභීන් අතර බෙදාදීමට නියමිතව තිබුණේ කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටුව මගින්.

එහෙත් එකී කමිටුව මාස හයකින් රැස්නොවීම නිසයි මෙම අවාසනාවන්ත තත්ත්වය උද්ගතවී ඇත්තේ. මෙය ජාතික අපරාධයක්. මෙම භාණ්ඩ හා උපකරණ මේ වනවිටත් මළකඩ කා කිසියම් ප්‍රමාණයක හානියකට පත්ව ඇති. මේවා බෙදාහැරීම තවදුරටත් ප්‍රමාදවුවහොත් කිසිදු පාවිච්චියකට ගත නොහැකි තරමට අබලන් වේවි. මම මේ සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් ද විමසා බැලුවා. එවිට ඔහු කියා සිටියේ මෙම කාර්යය දිස්ත්‍රික් සංවර්ධන කමිටුව සතු එකක් බවයි.

මම මෙම අපරාධය සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් වෙත සහ ස්වදේශ කටයුතු පිළිබද අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා මහතා වෙතද කරුණු ඉදිරිපත් කර තිබෙනවා. මෙය තවදුරටත් ඉටුනොවන්නේ නම් ජනතාව සමග එක්වී දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට මා බලාපොරොත්තු වෙනවා.

dinamina

 

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us