මම අතුරුදන් වූයේ නැහැ-උදයංග වීරතුංග

Published in පුවත්
Monday, 22 June 2015 12:32

යුක්රේන කැරළිකරුවන්ට ආයුධ ලබාදුන් බවට චෝදනාවට ලක්ව සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තමන්ට එරෙහිව නගා තිබෙන චෝදනා සියල්ල අසත්‍ය බව පවසා ඇත.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තමා යුකරේනයේ කිව් නගරයේ ජීවත් වන බවයි.

මා සම්බන්ධයෙන් යුක්රේනය තුල කිසිදු කිසිදු අපරාධ විමර්ශනයක් සිදුවන්නේ නැති බවට යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් 2015අප්‍රේල් මස 01වනදා නිකුත් කරන ලද අංක 668588දරන සහතිකය මා සතුව ඇතැයි යනුවෙන්ද එම නිවේදනයේ දැක්වේ.

තමා යුක්රේන කැරලිකරුවන්ට ආයුධ සැපයුවේ නම් තමන්ට එරට අගනුවර වාසය කිරීමට අවස්තාව ලැබෙනු ඇත්දැයි ඔහු ප්‍රශ්න කරයි.

මොස්කව් අගනුවර තානාපති කාර්යාලයේ සේවය කළ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වූ නොයෙල් රණවීර ගේ මරණයට වගකිවයුතු බවට එල්ල වී තිබෙන චෝදනාවලට පිළිතුරු සපයන උදයංග වීරතුංග පවසන්නේ ඔහුගේ මරණය සිදුවූයේ රුසියානු ජාතිකයකු විසින් පදවන ලද ලොරියකට යටවීමෙන් බව අවධාරණය කරයි.

එම මරණය සම්බන්ධයෙන් දැනට අධිකරණ ක්‍රියාදාමයක් පැවැත්වෙන නමුත් එම මරණයට අදාලව රුසියාව තුල තමාට එරෙහිව කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වෙන බව ද ඔහු එම නිවේදනය මගින් පවසයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන පලිගැනීම් හේතුවෙන් මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ අදහසක් නොමැති බව වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය දිනක විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පැවසුවේ උදයංග වීරතුංගට එරෙහි චෝදනා ඉතා බරපතල ඒවා බවය. ඒ අනුව ජාත්‍යන්තර සහායද සහිතව ඔහු පිළිබඳ විමර්ශන සිදුකරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Media-Release-Sinhala-21-723x1024

උදයංග වීරතුංගගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කරලා

උදයංග වීරතුංග මැරියට් හෝටලයේ

උදයංග මෙරටට එවූ බඩු කන්ටේනරයක් පරික්ෂාවට

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us