උදයංග වීරතුංග මැරියට් හෝටලයේ

Published in පුවත්
Tuesday, 02 June 2015 10:18

යුක්රේන කැරලිකරුවන් සමඟ හොර අවි ජාවාරමක නිරතව සිටි බවට චෝදනා ලද හිටපු රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ඩුබායිහි මැරියට් හෝටලයේ රැඳී සිටිනු දැක ඇති බව ඔහු පිළිබඳ පරීක්ෂණ පවත්වන කණ්ඩායම් පවසයි. මෙරට ගුවන් හමුදාවට මිග් 27 යානා 4 මිළ දී ගැනීමේ තැ‍රැව්කරුවා ලෙස පෙනීසිටිමින් බ්‍රිතාන්‍යයේ ලිපිනයක් සහිත ව්‍යාජ සමාගමක්(Bellimissa Holdings Ltd 2nd Floor, 145-157 St John Street, London. ) ඉදිරිපත් කර මිලියන් ගණනක කොමිස් මුදලක් උපයා ගැනීමට උත්සහ කිරීම ඔහුට විරුද්ධව ඇති අනෙක් චෝදනාවයි.

පසුගිය කාලයේ ඩුබායිහි පිහිටි මැරියට් හෝටලය මහින්ද රාජපක්ෂගේ චෝදනා එල්ල විය. එසේම මිග් යන ගණුදෙනුව සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

මෑතකදී උදයංග වීරතුංග ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඇමතුමක් ලබාදී තමාගේ පෞද්ගලික බඩුබාහිරාදිය රැගත් කන්ටේනරයක් නිදහස් කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වන ලෙස ඉල්ලීමක් කර තිබුණි.

එසේම උදයංගගෙන් රුසියානු තානාපති කාර්යාලයේ භාෂා පරිවර්තකයෙකු ලෙස සේවය කළ නොයෙල් රණවීරගේ සැකකටයුතු මරණය සමබන්ධයෙන්ද ප්‍රශ්න කිරීමට නියමිතයි. උදයංග වීරතුංග හිටපු ජනාධිපතිගේ නැන්දනියගේ පුතෙකු බව වාර්තා වේ.

මේ අතර ජාත්‍යන්තර පොලීසිය මගින් Bellimissa Holdings Limited නමින් බ්‍රිතාන්‍යයේ සමාගමක් නොමැති බව මුල්‍ය අපරාධ ඒකකය වෙත තහවුරු කර තිබේ. ගුවන් හමුදාවට මිග් 27 යානා 4 මිළ දී ගැනීමේ තැ‍රැව්කරුවා ලෙස උදයංග වීරතුංග නම් කර ඇති එම සමාගම ව්‍යාජ එකක් බව මේ අනුව අනාවරණය වේ. නමුත් මෙම සමගම නමින් වර්ජින් දුපත්වල බැංකු ගිණුමක් ඇති අතර එය ආරම්භ කර තිබෙන්නේ මිග් යානා ගණුදෙනුවට අත්සන් තැබූ 2006 වසරේ ජූලි 26 වන දිනට නුදුරු දිනකදී බවට අනාවරණය වී තිබේ.

Last modified on Tuesday, 02 June 2015 11:33

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us