ප්‍රදේශ රැසක පැතිරීයන අැස් රෝගයක්

Published in පුවත්
Tuesday, 02 June 2015 10:18

මෙම දිනවල බෝවන ඇස්‌ රෝගයක්‌ කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක පැතිර යන බව අක්‍ෂි වෛද්‍යවරු පවසති.මෙය"වයිරල් කන්ජක්‌ටිවයිටිස්‌" නමැති වයිරසයක්‌ මාර්ගයෙන් බෝවීම සිදුවේ.

ඇස්‌ රතු වීම, කඳුළු හා කබ ගැලීම මෙම රෝගයේ ලක්‍ෂණ වන අතර එම රෝග ලක්‍ෂණ යමෙකු තුළ දක්‌නට ඇත්නම් වහාම කොළඹ නයනාරෝග ශාලාව හෝ ළඟම පිහිටි රජයේ අක්‍ෂි සායනය වෙත ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලීම් කෙරේ.

මෙම ඇස්‌ රෝගය කෙනෙකුගෙන් තව කෙනෙකු වෙත පහසුවෙන් බෝවන අතර එම රෝග ලක්‍ෂණ සහිත අය ලේන්සුවකින් ඇස්‌ ආවරණය කර ගැනීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්‌ථානවල නොරැඳීම, රෝග ලක්‍ෂණ පහව යන තෙක්‌ විවේක ගැනීම යන ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය.

එම රෝගයට ගොදුරුවීමෙන් වැළැකීම සඳහා ජනතාව වැඩි පිරිසක්‌ ගැවැසෙන ස්‌ථානවල නොරැඳීම ගමන් බිමන් යැමෙන් පසු දැත් හොඳින් සෝදා පිරිසිදු කිරීම කළ යුතු බව වෛද්‍ය මතය වේ.

තදාසන්න ප්‍රදේශවල අැස් රෝගය මෙන්ම වෛරස් උණ රෝගයක් ද පැතිර යාමේ අවධානමක් පවතින බැවින්, ජනතාව එම රෝගවලින් ආරක්ෂා වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us