වත්මන් අාණ්ඩුවත් නීති නොසලකා හැර හිතමිතුරන්ට සලකනවා-ජවිපෙ

Published in පුවත්
Tuesday, 02 June 2015 09:32

ලංකාවට පැරණි වාහන ගෙන්වීමේදී ආනයන අපනයන පාලනයේ විශේෂ අවසරයක් ගත යුතු බවට මෙම නීතියක් පැවතුනද මේ වන විට නීතිය නොසලකා හරිමින් පැරණි වාහන ගෙන්වන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

වසර 03කට වඩා පැරණි කාර් රථ සහ වසර 05කට වඩා පැරණි වෑන් රථ ගෙන්වීමේදී ආනයන අපනයන පාලනයේ විශේෂ අවසරයක් ගත යුතු බවට නීතියක් පවතී.

නමුත් ආනයන අපනයන පාලනයේ විශේෂ අවසරයක් නොමැතිව පැරණි වාහන මෙරටට ගෙන්වීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් අවසර ලබාදෙන බවත්, මෙලෙස ලබාදෙන අවසර පත්‍රයක් රුපියල් ලක්ෂ 09 ත්, 10ත් අතර මුදලකට විකුණා දැමීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

ඉදිරි ඡන්දයකදී උදව් ගැනීම සඳහා වර්තමාන ආණ්ඩුවේ හිතමිතුරු ව්‍යාපාරිකයන්ට මෙම අවස්ථාව උදාකර තිබීම ඉතාමත් බරපතළ තත්ත්වයක් බවද පවසා සිටියේය.

දැනට ලැබෙන තොරතුරුවලට අනුව එක් ව්‍යාපාරිකයෙකු පමණක් මුදල් අමාත්‍යාංශය හරහා බලපත්‍ර 50ක් ලබාගෙන තිබෙන බවත්, මෙය ජාවාරමක් ලෙස දිගටම ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us