උදයංග මෙරටට එවූ බඩු කන්ටේනරයක් පරික්ෂාවට

Published in පුවත්
Sunday, 10 May 2015 17:23
මුල්‍ය අපරාධ  ඒකකය, හිටපු යුක්රේන තානාපති උදයංග වීරතුංගගේ පෞද්ගලික බඩු  බාහිරාදිය ඇතුලත් කන්ටේනරයක් පරික්ෂ කිරීම සඳහා උසාවියේ අවසරය ඉල්ලා තිබේ. මේ වනවිට මුල්‍ය අපරාධ  ඒකකය මගින්  උදයංග වීරතුංගට අදාළ පැමිණිලි  දෙකක් පිළිබඳ  විභාග කරමින් පවතියි. 
 
එකක් වන්නේ  යුක්‍රේනයේ කැරලිකරුවන් සමඟ හොර අවි ජාවාරමක නිරතව සිටි බවට යුක්‍රේන රාජ්‍ය බලධාරීන් විසින් සිදු කරනු ලැබු චෝදනාවට අදාළ පරීක්ෂණයයි. මෙරට ගුවන් හමුදාවට මිග් 27 යානා 4 මිළ දී ගැනීමේ තැ‍රැව්කරුවා ලෙස උදයංග වීරතුංග විසින් බ්‍රිතාන්‍යයේ ලිපිනයක් සහිත ව්‍යාජ සමාගමක්(Bellimissa Holdings Ltd 2nd Floor, 145-157 St John Street, London. ) ඉදිරිපත් කර මිලියන් ගනනක කොමිස් මුදලක් උපයා ගැනීමට උත්සහ කිරීම අනෙක් චෝදනාවයි. 
 
විදේශ මැති මංගල සමරවීර පවසන පරිදි උදයංග වීරතුංග ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඇමතුමක් ලබාදී තමන් නම් කළ පුද්ගලයට අදාළ කන්ටේනරය නිදහස් කර දෙන ලෙස විදේශ අමාත්‍යංශයට උපදෙස් දෙන ලෙස ඉල්ලා ඇත. මුල්‍ය අපරාධ ඒකකයට උදයංග වීරතුංගගෙන් ප්‍රශ්න කිරීමට ඇතත් ඔහුව සොයා ගැනීම අපහසු වී තිබේ. 
 
ලබන සතියේ උදයංග වීරතුංගට ඇති චෝදනා තව දුරටත් විමර්ෂණය කිරීම සඳහා පරීක්ෂක කණ්ඩායමක් යුක්රේනයේ අගනුවර  බලා  පිටත් වීමට නියමිතයි. මේ අතර ජාත්‍යන්තර පොලීසිය මගින් Bellimissa Holdings Limited නමින් බ්‍රිතාන්‍යයේ සමාගමක් නොමැති බව මුල්‍ය අපරාධ ඒකකය වෙත තහවුරු කර තිබේ.   ගුවන් හමුදාවට මිග් 27 යානා 4 මිළ දී ගැනීමේ තැ‍රැව්කරුවා ලෙස උදයංග වීරතුංග නම් කර ඇති එම සමාගම ව්‍යාජ එකක් බව මේ අනුව තවුරුව ඇත. 
Last modified on Sunday, 10 May 2015 17:37

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us