තාජුඩීන් ඝාතනයට දේශපාලක පුත්‍රයෙක්‌ ළඟදීම අත්අඩංගුවට

Published in පුවත්
Sunday, 21 June 2015 10:11

දක්ෂ රගර් ක්‍රීඩකයකු වූ තාජුඩීන් අබිරහස්‌ අන්දමින් ඝාතනය කිරීම සහ මාධ්‍යවේදී ප්‍රදීප් එක්‌නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇත.

තාජුඩීන් මහතා පැහැරගෙන ගොස්‌ පහරදී ඝාතනය කර මෝටර් රථය තුළට දමා ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රබලම දේශපාලනඥයකුගේ පුත්‍රයකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව පොලිස්‌ ආරංචි මාර්ග පැවසීය.

මෙම දේශපාලක පුත්‍රයාගේ අවශ්‍යතාව මත තාජුඩීන් ඝාතනය කර ඇති බවට වැදගත් තොරතුරු රැසක්‌ මේ වනවිට අනාවරණය වී තිබේ.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ හිටපු ප්‍රබල දේශපාලනඥයකුගේ රියැදුරකු ඇතුළු කණ්‌ඩායමක්‌ විසින් බවද හෙළි වී ඇත.

තාජුඩීන් ඝාතනයට අදාළ සාක්‍ෂි සියල්ල මේ වනවිට ලබාගනිමින් සිටින බවද පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

මේ අතර ප්‍රදීප් එක්‌නැලිගොඩ මහතා පැහැරගෙන ගොස්‌ අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ වූ පුද්ගලයන්ගේ බවට සැක කරන ජංගම දුරකථන අංක 22 ක්‌ මේ වනවිට පොලිසිය වෙත ලැබී තිබේ.

තාජුඩීන් ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් මුලදී කෙරුණු පොලිස්‌ පරීක්‍ෂණ විධිමත් ආකාරයට නොකිරීම නිසා ඊට සම්බන්ධ අපරාධකාරයන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීමට හේතු වී ඇති බව පොලිසිය පවසයි.

තාජුඩීන් මහතා ගමන් ගත් මෝටර් රථය කිරුළපන ප්‍රදේශයේදී ගිනිගෙන විනාශ වූ අතර එහිදී ඔහු රථය තුළම මියගොස්‌ සිටියේය.

තාජුඩීන් මහතාගේ මරණය හදිසි අනතුරක්‌ නිසා සිදුවූ බව පොලිසිය එවකට කළ පරීක්‍ෂණවලින් හෙළි කර ගෙන තිබුණේය.

එහෙත් වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු පොලිසිය කළ විමර්ශනවලින් හෙළි වූයේ තාජුඩීන් මහතා ඝාතනය කර පසුව ඔහු ගමන් ගත් මෝටර් රථයට සිරුර දමා ගිනි තබා ඇති බවයි.

දිවයින

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us