ජනාධිපති කාර්ය මණ්‌ඩල සාමාජිකයන්ට හදිසි මාරු

Published in පුවත්
Tuesday, 23 June 2015 09:59

ජනාධිපති කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙනත් ආයතනවලට මාරු කිරීමේ හදිසි වැඩපිළිවෙළක්‌ ආරම්භ කරනු ලැබ ඇති බව දිවයින පුවත් පත වාර්තා කරයි.

ඒ අනුව හාරසියයක්‌ පමණ වන කාර්ය මණ්‌ඩලය අතරින් 70 දෙනකු මීට සති තුනකට පමණ පෙර මාරු කෙරුණු අතර පසුගිය සතියේදී තවත් පනස්‌ දෙනකුට ස්‌ථාන මාරු ලැබී තිබිණි. මීට අමතරව තවත් සාමාජිකයන් හැට පස්‌දෙනකුගේ ලේඛනයක්‌ සකස්‌ කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග අනාවරණය කරයි.

පසුගිය ආණ්‌ඩුව සමයේ දහසක්‌ පමණ වූ ජනාධිපති කාර්ය මණ්‌ඩලය හයසියයක පමණ ප්‍රමාණයකින් අඩු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය.

මේ වන විට මාරු කරමින් සිටින නිලධාරීන් වෙනුවට වෙනත් ආයතනවලින් නිලධාරීන් යොදා ගැනෙන බවද ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වුවද මෙම සේවක මාරු වීම සඳහා පදනමක් නැති බව සේවකයන් පැවැසූවද මේ දක්වා එම කාර්ය මණ්ඩලයේ සේවය කරන බහුතරය හිටපු ජනාධිපතිවරයා විසින් පත් කෙරුණු ඔහුට හිතවත් පිරිසක් බව කියැවේ. මේ හේතුව නිසා එම කාර්යලයේ සිදුවීම පිටතට වාර්තා වීම සිදුවෙමින් පවතින බව හෙළිව තිබිණි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us