මහින්ද පැරදුනේ බැසිල් නිසා කිව්ව විමල් දැන් මහින්ද අගමැති කරන්න බැසිල් එක්කම වැඩ.

Published in පුවත්
Tuesday, 23 June 2015 10:25

ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජයට පත් වූයේ බැසිල් රාජපක්ෂ විසින් එම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම නිසා බවට බරපතල චෝදනාව නාමල් රාජපක්ෂ මෙන්ම විමල් වීරවංශලාද දිගින් දිගටම නැගූව නමුත් යළි මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ සටනට නායකත්වය දීම බැසිල් රාජපක්ෂටම පවරා ඇති බව හෙළිවේ.

බැසිල් රාජපක්ෂට ජනාධිපතිවරණ සටනේදි සුළු ජාතික පක්ෂ කොටස් මෙන්ම රාජපක්ෂවරුන් සමඟ විරසකව සිටි කොටස්ද නැවත එක කරගනිමින් මැතිවරණ සටනට පණ පෙවීමට කටයුතු කළ නම්මුත් මහිද රාජපක්ෂවටා සිටි විමල් වීරවංශලා ගලබොඩත්තේ ඥානසාරලා විසින් දැඩි ජාතිවාදී හා උද්ද්ච්ඡ හා මුග්ධ මැතිවරණ ව්‍යාපාරයක් ගෙනයමින් පරාජය සහතික කර ගත් බව දේශපාලන විචාරකයන් විසින් පෙන්වා දී තිබිණි. මේ සඳහා නායකත්වය දුන්නේ නාමල් රාජපක්ෂ විසිනි.

රාජපක්ෂ පවුලේ සහ මහින්ද රාජපක්ෂට සහය දෙන ශ්‍රී ලනීප ප්‍රබලයන්ගේ මතය වී ඇත්තේ විමල්, උදය, දිනේෂ් ඈත් කර මැතිවරණ ව්‍යාපාරය ගෙන යායුතු බවය. මහින්ද රාජපක්ෂගේ නව ජෝතිෂ්‍ය වේදීයාවන වැල්ලවාය ප්‍රදේශයේ හිමිනමක විසින්ද මෙම කරුණ අවධාරණය කර තිබුණෙ ඉහත කී අයගේ පාපී ග්‍රහ යෝගයන් රාජපක්ෂ මහතාගේ කීර්ති නාමය කෙරෙහි දැඩිව බලපාන බවය. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතාට නව දේශපාලන ක්‍රියාන්විතය මෙහෙයවීම බාරදිමට තීරණය වී තිබේ. එම තත්වය අනුව විමල් වීරවංශට බැසිල්ගේ මෙහෙයවීම යටතේ සුපුරුදු පරිදි ආවතේව වැඩ කිහිපයක් පමණක් ඉදිරියේදී පැවැරෙනු ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us