විත්‍යා ඝාතනයත් සමග පොලීසියේ හැසිරීම අැතුළත් වාර්තාව පොළිස්පතිට

Published in පුවත්
Tuesday, 23 June 2015 10:49

යාපනය කයිට්ස් හීදී පැහැරගෙන අපයෝජනය කර මරා දැමුණූ සිවලෝගනාදන් විත්‍යා පාසල් සිසුවියගේ මරණයත් සමග යාපනයේ ඇතිවූ නොසන්සුන්තාව සහ පොලිසියේ හැසිරීම ගැන මූලික විමර්ශනයක් සිදු කෙරුණි.

එම විමර්ශනය අැතුළත් වාර්තාව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් පොලිස්පතිවරයාට භාරදී ඇත.

එසේම මෙම සිසුවිය අතුරුදන්වීමේ පැමිණීල්ල පොලිසිය සටහන් කර ගැනීමේදි පොලිස් නිළධාරීන් අතින් සිදුවූ අඩුපාඩුකම් පැමිණීල්ල විභාග කිරීමට කල්ගතවීම් ආදිය සම්බන්ධයෙන්ද කරුණු එම පරීක්‍ෂණ වාර්තාවේ සදහන්වේ.

එම ඝාතනයේ සැකකරුවෙක් ලෙස ගම්වැසියන් විසින් අල්ලා පොලිසියට භාරදුන් පුද්ගලයෙක්ව ඉහළ පොලිස් නිළධාරියෙකුගේ නියෝගයකින් මුදා හරින්නට සිදුවුණු බවද එම විමර්ශනයේදි පොලිස් සාක්‍ෂි ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.

සැකකරු මුදා හැරීමට නියෝග දුන් උසස් නිළධාරියාගෙන් ඒ ගැන ප‍්‍රශ්ණ කිරීම් කර නැති අතර ඉදිරි දින කිහිපය තුළ එම නිළධාරියාගෙන් ප‍්‍රශ්ණ කර ඔහු සම්බන්ධයෙන් බරපතල තීරණයක් ගැනීමට පොලිස් මූලස්ථානය සූදානමින් සිටින බව වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us