විත්‍යාගේ ඝාතනයට සැක 09 ක් රහස් පොළිසියට

Published in පුවත්
Tuesday, 16 June 2015 10:36

යාපනයේ කයිට්ස් පුංකුඩුතිව් හි සිවලෝගනාදන් විත්‍යා නැමති 17 හැවිරිදි සිසුවිය පැහැරගෙන ගොස් ලිංගික හිංසනයට ලක්කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා සිටි සැකකරුවන් 09 දෙනා වැඩිදුර විමර්ශන සඳහා රහස් පොලිසියට භාර දෙන ලෙසට යාපනය උර්කාවතුරෙයි මහේස්ත්‍රාත් ලෙනින් කුමාර් මහතා ඊයේ (15) නියෝග කෙළේය.

මෙම පැමිණිල්ල ඊයේ (15) මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදී ඉදිරිපත් කළ සැකකරුවන් 9 දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට පත් කරන බව දන්වා සිටියේය.

ඒ අනුව සැකකරුවන් රඳවා ගැනීමේ නියෝග මත දින 30ක කාලයක් රඳවාගෙන සිද්ධිය පිළිබඳ විමර්ශන පැවැත්වීමට රහස් පොලිසිය කළ ඉල්ලීමට අවසරය ලැබුණි.

එම අවසරය ලැබුණු පසු සැකකරුවන් බන්ධනාගාර භාරයෙන් රහස් පොලිසිය භාරයට ගනු ලැබුවේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us