ඩලස්ගේ කටින් රාජපක්ෂවාදීන්ගේ සැලසුම එළියට පනී

Published in පුවත්
Tuesday, 16 June 2015 08:41

ශ්‍රී ලංකාවේ බරපතල මානව හිමිකම් උල්ලංඝන සහ යුද අපරාධ චෝදනා පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාව ප්‍රකාශයට පත්වීමට ප්‍රථම මහමැතිවරණයක් කැඳවීමට උත්සාහ කරන බවට රාජපක්ෂවාදීන් එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරයි.

කොළඹ අභයාරාම විහාරස්ථානයේදී මාධ්‍යවේදීන් ඇමතූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා, එක්සත් ජාතීන්ගේ වාර්තාව නිකුත් වී රටේ ජනමතය පාලනය කර ගැනීමට නොහැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය බියට පත්ව සිටින බව පැවසීය.


මෙම ප්‍රකාශයෙන් පැහැදිලිවන්නේ රාජපක්ෂවාදීන් ලබන සැප්තැම්බර් මාසය දක්වා මහ මැතිවරණය කල් දමා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බවය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාව සැප්තැම්බරයේ නිකුත් වන අතර එහිදී නියත ලෙසම ශ්‍රීලංකාවේ මානව හිමිකම් කඩ කිරීම වලට හා යුධ අපරාධවලට සම්බන්ධ වූවන්ට එරෙහිව එක්සත් ජාතීන් පියවර ගනු ඇති බවට මේවන විටත් හෙළිව පවතී.

එම තත්වයන් තුල රාජපක්ෂ වාදීන්ට නැවත වතාවක් විදුලි පු‍ටුව කරේ තබාගෙන ජාතිවාදය වපුරුවමින් මහ මැතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාව තිබේ. 20 වන වයවස්ථා සංශෝධය සම්මත කරගැනීමට ඉඩ නොදී ඒ කල් යවමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ප්‍රමාද කරගැනීමේ හේතුව මෙයය.

නෝර්වේ හිටපු සාම නියෝජිත එරික් සොල්හයිම් කළ බව පැවසෙන ප්‍රකාශයක් උපුටා දක්වන අලහප්පෙරුම හිටපු අමාත්‍යවරයා, එම වාර්තාව මගින් ශ්‍රී ලාංකිකයන් 40 දෙනකු වැරදි කරුවන් ලෙසින් නිගමනය කර තිබෙන බව සඳහන් කළේය.ඒ අතර සිවිල් පුරවැසියන් කිහිපදෙනෙකු සිටින බවද මන්ත්‍රීවරයා පවසයි. නම නොකීවද මන්ත්‍රීවරයා මේ පවසන්නේ රාජපක්ෂවරු ගැනය. ඒ අනුව රාජපක්ෂවරුන්ට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ලවූ විට ඊට එරෙහිව ව්‍යාජ ජනමතයක් ඇති කර ගැනීම රාජපක්ෂවාදීන්ගේ උපක්‍රමය බව පැහැදිලිය.

කෙසේ නමුත් යළිත් වතාවක් සිංහල වර්ගවාදය පතුරුවා හැරීමට ගන්නා මේ කුමන්ත්‍රණකාරි පියවර පරාජය කිරීමට සිහි බුද්ධියක් ඇති සියලු පුරවැසියන්ගේ වගකීම විය යුතුය.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us