අද (16) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
ඉන්දීය අගමැතිවරයා ද පසුගිය කාලයේදී මෙරටට පැමිණි බව සිහිපත් කළ අමාත්‍යවරයා ජාත්‍යන්තර සබඳතා කිසිසේත් පළුදු වී නැතැයිද පැවසීය.
අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ලංකාවට පැමිණි අවස්ථාවේ ද අමෙරිකානු ජනපති බැරක් ඔබාමා ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන බවට ඉගියක් ලබා දුන්නේය.