එජාපය හැමදාමත් කළේ අනුන්ගේ දරුවන්ට උප්පැන්න දීම-දයාසිරි(audio/photos)

Published in පුවත්
Tuesday, 16 June 2015 15:01

දුප්පතා ගැන කැක්කුමක් නැති එජාපය හැමදාමත් සිදු කළේ අනුන්ගේ දරුවන්ට උප්පැන්න දීම බව දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

දිවි නැගුම හා සමෘද්ධිලාභීන්ගේ මුදල් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඔහුගේ හිතවතුන්ට පමණක් ලබාදීම හේතුවෙන් එයට විරුද්ධව වයඹ පළාතේ සමෘද්ධි නිලධාරිවරුන් උත්ඝෝෂණයක නිරත විය. එයට වයඹ ප්‍රධාන අමාත්‍යතුමා සහභාගී වූ අතර ඒ අවස්ථාවේ ඔහු මෙම අදහස් පළ කළේය.

සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා සමෘද්ධි ලාභීන්ට සිදු කරන අසාධාරණය සුළු පටු එකක් නොවන බවත් ඔහු මෙදා පාර හැප්පෙන්නේ ලක්ෂ 20 ක්වූ සමෘද්ධි ලාභී ජනතාව සමග බවත් පැවසුවේය.

2001 දී සමෘද්ධි ව්‍යාපාරයට අත තබන්නට ගොස් 2004 දී එජාපය වැඩ වරද්දා ගත් බවත් මෙදා පාර ඔවුන් වැඩ වරද්දා ගන්නේත් මෙම සිදුවීම නිසාම බවත් පැවසුවේය.සමෘද්ධි ලාභීන්ට සාධාරණය ඉටු නොවන්නේ නම් ඉදිරියේදී ලක්ෂ ගණනින් කොළඹට කැදවා මෙම අසාධාරණයට එරෙහිව අරගලයක් සිදු කරන බව හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.

හඩපටයට පහතින් සවන් දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/d-cut{/soundcloud}

DSC 0195-FILEminimizer

DSC 0184-FILEminimizer

DSC 0212-FILEminimizer

DSC 0210-FILEminimizer

DSC 0264-FILEminimizer

DSC 0217-FILEminimizer

DSC 0274-FILEminimizer

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us