රුපියල් ලක්ෂ 10 පමණවන සිවිලි තහඩු වංචාවක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ලබන 15 දා දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර වැඩබලන මහේස්රාත් නියෝග කර ඇති බව වාර්තාවේ.
ආනන්ද සරත් කුමාර රත්නායක මහතාව අද අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දැනුම් දුන්නේ සැකකරු උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටියදී මෙම මූල්‍ය වංචාව සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වූ බවය.