තක්කඩි වැඩ නොකර පාර්ලිමේන්තුව විසුරුවා හරිනු !

Published in පුවත්
Sunday, 14 June 2015 09:47

නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා ඉඩකඩ සලසා දෙමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටීමටත්, මීළඟ මහ මැතිවරණයට පසුව පැවැත්වෙන මැතිවරණ සඳහා නව මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බවටත් එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබේ.

12දා රැස් වූ කෘත්‍යාධිකාරි මණ්ඩලය එය ඒකමතිකව තීන්දු කළ බව එක්සත් ජාතික පක්ෂය ඊයේ (13) වි‍ශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.

දශකයක පමණ කාලයක් පුරා මෙරට පැවති එකාධිපති පවුල් පාලනය අවසන් කර ප්‍රජාතන්ත්‍රවාදය මත ගොඩනැංවුණු යහපාලනයක් ස්ථාපිත කිරිම මෙරට අති බහුතරයක් ජනතාවගේ අපේක්‍ෂාව විය.

නිදහසින් පසු ශ්‍රී ලංකාව තුළ තනි පක්‍ෂයක් වශයෙන් ආණ්ඩු නිර්මාණය කළ එකම පක්‍ෂය වශයෙන් සහ දිගු කාලයක් මෙරට පාලනය කරමින් ජනතාවාදීව කටයුතු කළ පක්‍ෂයක් වශයෙන් එක්සත් ජාතික පක්‍ෂය එම වගකීම කරට ගෙන එවකට පැවති ඒකාධිපති පවුල් පාලනය වෙනස් කිරීම සඳහා 2014 අවසානයේ දී උපක්‍රමශීලි ලෙස ජනාධිපති මැතිවරණයක් ලබාගැනීමට සමත් විය.

ඒ සඳහා පොදු අපේක්‍ෂකයා වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කරවමින් ජාති, ආගම්, භාෂා භේදයකින් තොරව සුළු ජාතීන් ඇතුළු අති මහත් බහුතරයකගේ සහය මේ සත්ක්‍රියාදාමය සඳහා ඒකරාශී කර ගැනීමට ද, එක්සත් ජාතික පක්‍ෂය මූලික වී ක්‍රියා කළේය.

අවදානම් අභියෝගය :

මෙම අවදානම් අභියෝගය වෙනුවෙන්, මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ලද කැපකිරීම ද මෙහිලා කෘතවේදීව සිහිපත් කළ යුතුය.

මැතිවරණ ව්‍යාපාරය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිහිප දෙනෙකු සහ කුඩා දේශපාලන පක්‍ෂ මෙන්ම සිවිල් සංවිධාන රාශියක් එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන්නට යෙදුණි.

ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කරවීම පිණිස පැවැත්වුණු සෑම රැස්වීමක්ම පාහේ සංවිධානය කරනු ලැබුවේ ද, සෑම පෝස්ටරයක්ම පාහේ මුද්‍රණය කර අලවනු ලැබුවේ ද, සෑම අත් පත්‍රිකාවක්වම ගෙන් ගෙට ගොස් භාරදෙනු ලැබුවේ ද එක්සත් ජාතික පාක්‍ෂිකයන් විසිනි.

උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ කොටසක හැර සියළුම ඡන්ද පොළ නියෝජිතයන් වශයෙන් කටයුතු කරනු ලැබුවේ ද, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයන්හි නියෝජිතයින් ලෙස කටයුතු කරනු ලැබුවේ ද එක්සත් ජාතික පාක්‍ෂිකයින් ය.

දිවා රෑ නොබලා නිදිවරමින් දුක් මහන්සි වෙමින්, මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියළු පීඩාවන්ට හා ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙමින්, ජීවිත හා දේපළ හානි නොතකා, එම මැතිවරණ මෙහෙයුම් කටයුතු සිදුකරනු ලැබුවේ එක්සත් ජාතික පාක්‍ෂිකයින් බව කිසිවෙකුට හෝ අමතක වී ඇතැයි අප විශ්වාස නොකරමු.

ජනතාවට දිනා දුන් අයිතිවාසිකම් :

රාජ්‍ය බලය හා රාජ්‍ය සම්පත් උපරිම ලෙස යොදා ගනිමින්, දැඩි මර්ධනකාරි වාතාවරණයක් තුළ අවනීතිය රජ කරවමින්, මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශ්‍රීලනිපය ගෙන ගිය බිහිසුණු, කෲර මැතිවරණ ක්‍රියාදාමයට මුහුණ දෙමින් එක්සත් ජාතික පාක්‍ෂිකයින් විසින් ගෙනගිය මැතිවරණ ව්‍යාපාරය ඔස්සේ ලබාගත් ජයග්‍රහණය හරහා මෙරට ජනතාවට දිනා දුන් අයිතිවාසිකම් අති විශාලය.

අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමටත්, දින සියයේ වැඩසටහන ක්‍රියාත්මක කළ හැකි අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීමටත් පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමාට වරමක් ලැබිණි.

අගමැතිවරයා පත් කලේ ජනතාව :

ඒ අනුව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගන්නා ලද්දේ ජනතාව විශේෂ තත්වයක් යටතේ ලබා දෙන ලද ජන වරමක් ඔස්සේ මිස අන් අයුරකින් නොවේ.

මෙයින් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඔවුන්ගේ නායකයා ලෙස ජනාධිපතිවරයා පත්කර ගන්නා ලද අතර දින සියයේ වැඩසටහන ද අනුමත කරන ලදි.

දින 100 වැඩසටහනට අනුව ජනතාවට ආර්ථික සහන ලබාදීමත්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණත්, මේ වන විට ඉටු කර තිබේ. දින සියයක් තුළ අප ඉටුකළ කාර්ය මෙරට ඉතිහාසයේ පැවති ආණ්ඩු විසින් දීර්ඝ කාලයක් තිස්සේ කරන්නට යෙදුණු කාර්යයන්ට වඩා අති විශාල බව සියලූ දෙනා පිළිගත් කරුණකි.

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය කැපවෙමින් මූලිකත්වය ගෙන කටයුතු කළ අතර, අනෙකුත් දේශපාලන පක්‍ෂ විසින් ඉදිරිපත් කරන ලද මතයන්ට ද, ගරු කරමින් ඉතා නම්‍යශීලි ලෙස පිළිවෙතක් අනුගමනය කළේය. එය අමාත්‍ය මණ්ඩලය තුළ සම්මත කරවා ගැනීම සඳහා ද පූර්ණ සහයෝගය ලබා දුන්නේය.

විපක්ෂය කකුලෙන් අදිනවා :

එහෙත් විපක්‍ෂ නායක ප්‍රමුඛ කණ්ඩායමක් මේ වන විට එය කඩාකප්පල් කිරීම සඳහා ඉතා සූක්‍ෂම සහ කුමන්ත්‍රණකාරි ලෙස ක්‍රියාත්මක කරමින් සිටින බව ප්‍රත්‍යක්‍ෂ ලෙස සනාථ වී ඇත.

විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් යන මහත්වරුන් ද, ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය තනතුරු දරණ ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් ද, ඇතුළු කණ්ඩායමක් මේ වන විට ගරු අග්‍රාමාත්‍යතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.

එමෙන්ම මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව ද එවන්වූ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඉතා විවෘත ලෙස මාධ්‍යයට අනාවරණය කළේ, මුලින් විශ්වාසභංග යෝජනාව විවාදයට ගෙන අගමැතිවරයා ඉවත්කර ඔවුන්ට අවශ්‍ය මන්ත්‍රිවරයෙකු අගමැතිවරයා වශයෙන් පත්කර ඔවුන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමෙන් පසු 20 වැනි සංශෝධනය සම්මත කරගන්නා බවය.

අශිෂ්ඨ සම්පන්න උත්සාහයක් :

ඒ අනුව විපක්‍ෂය සියළු එකඟතා උල්ලංඝණය කරමින් මෙම ආණ්ඩුව ඉවත්කොට නැවතත් පාලන බලය ලබා ගැනීමේ අශිෂ්ඨ සම්පන්න උත්සාහයක් දරමින් සිටින බව පැහැදිලිය.

එපමණක් නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සාමාජිකයින් පත්වීමට නියමිත සාමාජිකයින් තිදෙනා පත්කිරීම සම්බන්ධව ගෙනයනු ලබන කඩාකප්පල්කාරි ක්‍රියා පිළිවෙත අනුව පිළිබිඹු වන්නේ, සන්ධානයේ මන්ත්‍රි කණ්ඩායමක් නැවතත් මෙරට අරාජික තත්වයට පත් කරවමින් අතිගරු ජනාධිපතිතුමාත්, ආණ්ඩුවත් අපහසුතාවයට ඇද දැමීමේ පහත් පිළිවෙතක් අනුගමනය කරමින්, දේශයත්, ජනතාවත්, මුලා කරවීමේ දෙබිඩි ප්‍රතිපත්තියක් මත ක්‍රියාකරන බව ය.

එම කණ්ඩායම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩාකප්පල් කිරීමට සහ ගරු අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංගය මුලින් විවාදයට ගැනීමට තීරණය කිරීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් කිසිසේත්ම, ව්‍යවස්ථාදායකය තුළ ජනහිතකාමී ක්‍රියා පිළිවෙතක් දියත් නොකරන බවය.

ප්‍රතිවිප්ලවය ක්‍රියාත්මකයි :

පසුගිය ජනාධිපති මැතිවරණයේදී ජනාධිපතිතුමා ජනතාව වෙත ඉදිරිපත් කළ කරුණු සියල්ල ඉටු කර තිබියදි, රට අස්ථාවර කිරීම සහ ජනවාරි 08 විප්ලවය ආපසු හැරවීම සඳහා, විපක්‍ෂයේ මන්ත්‍රි කණ්ඩායමක් ගෙන යන වැඩ පිළිවෙලට කිසිසේත් ඉඩ නොදිය යුතු බවත්, මෙරට ජනතාව පුල පුලා බලා සිටින නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා ඉඩකඩ සළසා දෙමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසට ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිය යුතු බවත්, ජූනි 12 වන දින රැස්වූ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීන්දු කරන ලදී.

පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමා මෙන්ම බහුතර මන්ත්‍රි සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව විසුරුවා හැරියයුතු බවට ප්‍රසිද්ධියේ කරන ලද ප්‍රකාශයන් සැලකිල්ලට ගැනීම යෝග්‍ය බව ද අවධාරණය කෙරිණි.

මීළඟ මහ මැතිවරණයට පසුව පැවැත්වෙන මැතිවරණ සඳහා නව මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බවට ද එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.

ස්ථාවරය වෙනස් වී නැහැ :

නව මැතිවරණ ක්‍රමය යටතේ ආසනයක් සඳහා මන්ත්‍රිවරයෙක් කෙළින්ම තෝරා ගැනෙන අතර, දිස්ත්‍රික්ක හා ජාතික මට්ටමින් ඉදිරිපත් කෙරෙන ලැයිස්තු වලට අනුව ද මන්ත්‍රිවරුන් තෝරා ගැනීමට නියමිතය. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ එක් පක්‍ෂයක් ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතයට සමානුපාතිකව මන්ත්‍රිධූර සංඛ්‍යාවක් හිමි වීම ය.

පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 225 ට වඩා වැඩි නොවිය යුතුය යන්න වසර 2002 සිටම එක්සත් ජාතික පක්‍ෂය දැරූ ස්ථාවරය යි. මේ ස්ථාවරය කිසි ලෙසකින්වත් වෙනස් වී නැති බව ද අවධාරණය කරන්නෙමු.

2015 ජූනි 13

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us