එසේ දුරකථන විසන්ධිකර මේ වන විට සති දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් එහි දුරකථන තවමත් බිල් ගෙවා යථා තත්වයට පත්කර නැත.
මහා පරිමාන මූල්‍ය වංචා අපරාධ කොට්ඨාශය මෙතෙක් කරගෙන පැමිණී විමර්ශනද මේ වන විට තාවකාලිකව නතර කර ඇති බවත් අලූත් විමර්ශන ආරම්භකරන්නේ නැති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.
එසේ විමර්ශන තාවකාලිකව අත්හිටුවා ඇත්තේ මහා පරිමාන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අභියෝගයට ලක්කරමින් අධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී ඇති බැවින් එම පෙත්සම් සම්බන්ධයෙන් අධීකරණ තීරණය ලැබෙන තෙක් බව උසස් පොලිස් නිළධාරියෙක් සදහන් කළේය.
ලංකා පුවත්