ජාතික පුෂ්පය ඉදිරියට හඳුන්වන්නේ 'Nymphaea stellata' ලෙසයි

Published in පුවත්
Thursday, 11 June 2015 15:57

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල හැඳීන්වීමේදී එය නිවැරදිව හැඳින්වීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේනම මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ජාතික පුෂ්පය සිංහල භාෂාවෙන් හදුන්වන්නේ'නිල් මානෙල්' යනුවෙනි. දෙමළ භාෂාවෙන් 'නීලෝත්පලම්' ලෙස හදුනවන අතර ඉංග්‍රීසි භාෂාවෙන් 'Blue Water Lily' ලෙස හඳුන්වනු ලබයි.

මේ නිසා ජාතික පුෂ්පය පිළිබඳව සඳහන් කරන සෑම අවස්ථාවකම ඊට අදාළ නිවැරදි රූපය හා නිවැරදි විද්‍යාත්මක නාමය වන 'Nymphaea stellata' යන්න යොදා ගැනීමට යෝජනා කර තිබේ.
ජාතික පුෂ්පයේ නිවැරදි නාමය හා රූපය පිළිබඳව ප්‍රමාණවත් ප්‍රචාරයක් ලබා දෙමින් ඒ පිළිබඳව අදාළ රාජ්‍ය ආයතන දැනුවත් කිරීමටත් ජනපතිවරයා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

'නිල් මානෙල්' මල ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත්තේ 1986 වසරේදීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us