20 ගැන අවසන් තීරණයට අද විශේෂ කැබිනට් හමුවක්

Published in පුවත්
Friday, 12 June 2015 09:26

විසි වැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමට තවත් විශේෂ කැබිනට් මණ්ඩල හමුවක් හෙට (12) දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැඳවා අැත.එහිදී 20 වැනි සංශෝධනය පිළිබඳව අවසන් තීරණයකට එළැඹීමට නියමිතය.

දැනට කැබිනට් අනුමැතිය හිමි වූ 20 වැනි සංශෝධනයේ සඳහන් මැතිවරණ කොට්ඨාස 125 වෙනුවට එය වෙනස් කර ගැනීමට හැකියාව තිබෙන බව ඊයේ(11) පැවැති මාධ්‍ය හමුවකදී කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසීය. කෙසේ වෙතත් අවසන් 20 වැනි සංශෝධනය අද දිනයේදී ගැසට් කිරීමට රජය බලාපොරොත්තු වේ.

නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම සඳහා නව යෝජනාවක් පසුගිය සඳුදා දිනයේ රැස්වූ කැබිනට් මණ්ඩලයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබුවේය.

කොට්ඨාස ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන් 125 දෙනෙකු, සමානුපාතික ක්‍රමය යටතේ 75 දෙනෙකු සහ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් 25 දෙනෙකු ඇතුළත්ව මන්ත්‍රීවරුන් 225 දෙනෙකු තෝරා ගැනිම එමඟින් යෝජනාවී තිබුණි.

කෙසේ වෙතත් මෙම නව ක්‍රමයට ඇතැම් පක්ෂ විරෝධය පළ කරන අතර, ඇතැම් පක්ෂ ඊට සංශෝධනද ඉදිරිපත් කර ඇත.

නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් යෝජනා වී ඇති සියලු කරුණු සැලකිල්ලට ගනිමින් අද දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයේදී අවසන් එකඟතාවයකට පැමිණිමට නියමිතය.

කැබිනට් මණ්ඩලයේදී 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුමැතිය හිමිවුවහොත් එය අද දිනයේම ගැසට් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us