පරිසරය වනසන්නන්ගේ තරාතිරම නොබලා නීතිය හමුවට ගෙනවා - ජනාධිපති

Published in පුවත්
Friday, 05 June 2015 08:11

පරිසරයට එරෙහි මානව ක්‍රියාකාරකම් වළකා ස්වභාවික උරුමයන්ගේ නිරුපද්‍රිත පැවැත්ම උදෙසා ඇප කැපවීම අපගේ වගකීම යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

අදට (05) යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ ක‍රයි.

එම සුබ පැතුම් පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.

මිනිසා සහ පරිසරය අතර පවත්නා අන්‍යෝන්‍ය සංහිඳියාව සහ සහජීවනය මිහිතලය මත ජීවියාගේ පැවැත්ම ඇරැඹුණු ඉතිහාසයේ සමාරම්භක අවදිය දක්වා දිවයන අසිරිමත් බැඳීමකි. වසර 1972 පැවති පරිසර සමුළුවේදී ගන්නා ලද තීරණයකට අනුව සෑම වසරකම ජූනි 05 වැනි දිනය ජගත් පරිසර දිනය ලෙසින් නම් කෙරෙනුයේ පරිසර සංරක්ෂණය කෙරෙහි ලෝක ප්‍රජාවගේ දැඩි අවධානය යොමුකරනු පිණිස ය. මෙවර පරිසර දිනයේ තේමාව වනුයේ “තිරසර භාවිතය - සුරකී මිහිතලය” යන්න ය.

සොබාදහමේ දරුවන් ලෙසින් අද දවසේ අප සතු යුතුකම සහ වගකීම වනුයේ පරිසරයට එරෙහි මානව ක්‍රියාකාරකම් වළකා ස්වභාවික උරුමයන්ගේ නිරුපද්‍රිත පැවැත්ම උදෙසා ඇප කැපවීමය.

එහිලා සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත නොබියව හා පක්ෂග්‍රාහී බවින් තොරව දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමත්, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර සංකල්පීය අවධියේදීම පාරිසරික බලපෑම් පිළිබඳ මූලික ඇගයීම් වාර්තා ඔස්සේ පරිසර හිතකාමී ව්‍යාපෘති ලෙස ආරම්භ කිරීමත් පරිසරය වෙනුවෙන් ගත හැකි සාධනීය පියවර වේ.

අප රජය වනාන්තර සහ වනජීවීන්ගේ සුරක්ෂිත පැවැත්ම ආරක්ෂා කරනු උදෙසා වන විනාශය වැළැක්වීම සේම සංවේදී පරිසර පද්ධති සංරක්ෂණය සඳහා ද නව නීතිරීති සම්පාදනයට කටයුතු කරන අතර පරිසරය වනසන බලවේග තරාතිරම නොබලා නීතිය හමුවට පැමිණවීමට පියවර ගනු ඇත. මේ සියල්ලෙන් අපේක්ෂා කරනුයේ සකලවිධ පාරිසරික විනාශකාරී ක්‍රියාවන්ට එරෙහි නීති බලාත්මක කරමින් පරිසරයට, ගහකොළට සේම සතා සිව්පාවාට ආදරය කරනු ලබන පරපුරක් බිහිකිරීම ය.

මෙවර ජගත් පරිසර දිනයේ අප සියල්ලන්ගේ අධිෂ්ඨානය විය යුත්තේ පරිසරයට රැකවරණය සැලසෙන එවන් හෙටක් නිර්මාණය කිරීම ය.

Last modified on Friday, 05 June 2015 08:34

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us