යාපනය අධිකරණයට ප්‍රහාර එල්ල කළ බවට චෝදනා ලැබූ 33 කට ඇප

Published in පුවත්
Monday, 08 June 2015 12:56

යාපනය, පුංකුඩිතිව් ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි සිවලෝගනාදන් විත්‍යා ඝාතන සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් 9 දෙනා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය තුළ අධිකරණයට ප්‍රහාර එල්ල කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට පත් සැකකරුවන් 33 දෙනෙකුට ඇප ලබා දී තිබේ.

සිදුවීම සම්බන්ධව අද (08) දින අධිකරණයට ඉදිරිපත් කරන ලද තවත් එක් ඉන්දීය ජාතික සැකකරුවෙකු නිදොස් කොට නිදහස් කර තිබේ.


ඉකුත් මැයි 20 වන දින සිවලෝගනාදන් විත්‍යා පැහැ‍රගෙන ගොස් සමූහ අතවරයට ලක් කර ඝාතනය කළ බව කියන සැකකරුවන්ට දැඩි දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා අධිකරණය ඉදිරිපිට පිරිසක් උද්ඝෝෂණවල නිරතව සිටි අතර පසුව නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතවී උද්ඝෝෂකයින් පිරිසක් අධිකරණයටද ගල් මුල් ප්‍රහාර එල්ලකරන ලද බව වාර්තා විය.

මෙම සිද්ධියට සැක පිට බොහෝ පිරිසක් අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 130 දෙනෙකු පමණ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

අද දින ‍එම පිරිස් යළි අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී එක් අයෙකුට ලක්ෂ 2 බැගින් ශරීර ඇප 2 ක් මත 33 දෙනෙක් මුදාහැරීමට තීරණය කර අැත.

එසේම මෙම සැකකරුවන්ට සෑම මසකම අවසන් ඉරිදා දිනයේ පොලීසිය හමුවේ පෙනී සිට අත්සන් කරන ලෙස අවවාද කර අැති අතර යම් හෙයකින් නැවත මෙවන් චෝදනාවකට අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවහොත් ඇප අවලංගු කිරීමට පියවර ගන්නා බවට මහේස්ත්‍රාත්වරයා විසින් දැඩි ලෙස අවවාද කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us