මහින්ද, පු‍ටුව යටින් පාර්ලිමේන්තුවට රිංගන්න වලිකයි

Published in පුවත්
Monday, 08 June 2015 07:25

ඉදිරි මහ මැතිවරණයේදී මැතිවරණ කොට්ඨාෂයකට තරග නොවැදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැඩි උත්සහයක් ගනිමින් සිටින බව වාර්තාවේ. මැතිවරණ කොට්ඨාෂයකට තරග වැදීමෙන් තමන්ට දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුවන බව රාජපක්ෂ මහතාගේ මතය වී තිබේ. තමන් ඉලක්ක කරගෙන දූෂණ වංචා අපරාධ චෝදනා සෘජුවම එල්ලවිය හැකි බවත් එහිදී ඊට තනිවම මුහුණ දීම අපහසු හා අවාසි සහගත බවත් ඔහු පෙන්ව දී ඇතැයි වාර්තාවේ.


මේවන විට එක්සත් ජනත නිදහස් සන්ධානයෙන් හෝ ශ්‍රී ලනීපයෙන් ඔහුට නාම යෝජනා නොලැබෙන බව ස්ථිර වී ඇති අතර නව පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වීමට එම රාජපක්ෂවාදී පිරිස උත්සහ ගනිමින් සිටී. මේ සඳහා හිටපු අගමැති දිමු ජයරත්න මහතා ලේකම් දුරය හොබවන පොදුජන එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වීමට එම පාර්ශ්වය සැලසුම් කර තිබේ. එහි ලකුණ 'පු‍ටුව"වේ.

කෙසේ නමුත් රාජපක්ෂ මහතාට 'පු‍ටුව' බාර දීම සම්බන්ධයෙන් දිමූ ජයරත්න මහතා මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් වාර්තාවේ.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us