විස්ස ගැන අවසන් තීන්දුවක් ගන්න විශේෂ කැබිනට් රැස්වීමක්

Published in පුවත්
Monday, 08 June 2015 09:48

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යෝජිත විසිවැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡා කෙරෙන තීරණාත්මක කැබිනට් රැස්වීමක් අද (08) පස්වරුවේ කැඳවා තිබේ.

එය පස්වරු 6ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනු ඇති බව වාර්තා වේ. දැනට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා අවසන් අනුමැතිය ලබා ගැනීම මෙම විශේෂ කැබිනට් රැස්වීමේදී සිදුකිරීමට නියමිත බව පැවසේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය මැයි මස 13 වැනි දිනය.

එහිදී දේශපාලන පක්ෂවලින් ඉදිරිපත්ව ඇති යෝජනා සැලකිල්ලට ගෙන අවසන් වාර්තාවක් සැකසීම සඳහා අමාත්‍යවරුන් 9 දෙනෙකුගෙන් යුත් කැබිනට් අනු කමිටුවක් ද පත් කරනු ලැබුවේය.

අද පැවැත්වෙන විශේෂ කැබිනට් රැස්වීමේදී 20 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා අනුමැතිය හිමිවුවහොත් ඉදිරි දින කිහිපය ඇතුළත එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us