අලුත් සන්ධාන ආණ්ඩුවේ අගමැති දිනේෂ්.

Published in පුවත්
Monday, 08 June 2015 10:10

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංගය ජය ගැනීමෙන් පසුව පිහි‍ටුවනු ලබන අලුත් සන්ධාන ආණ්ඩුවේ අගමැතිධුරය මහජන එක්සත් පෙරමුණේ නායක දිනේශ් ගුණවර්ධන මහතාට ලබාගැනීම සඳහා කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් මහින්ද රාජපක්ෂට වඩා හිතවත් කණ්ඩායමක් විසින් දියත් කර තිබෙන බව විපක්ෂ ආරංචි මාර්ග පවසයි.

විශේෂයෙන්ම විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් මේ මෙහෙයුම තුල සිටින බවත් ඒ මුළුමනින්ම මහින්ද රාජපක්ෂගේ වුවමනාව බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.රාජපක්ෂ මහතාගේ අවශ්‍යතාවය මත ආණ්ඩුව මෙහෙයවා ගැනීමට ඔහුට විශ්වාස පුද්ගලයකු අගමැති විය යුතු බව ඔහුගේ මතය වී තිබේ.

ඒ අතර විපක්ෂනායක නිමල් සිරිපාලද සිල්වා මහතාද අගමැතිධුරය අපෙක්ෂාවෙන් මේ දිනවල ශ්‍රී ලනීප මන්ත්‍රීවරු සමඟ හිතවත්කම් ගොඩ නගමින් සිටින බවත් වාර්තාවේ. එහෙත් ශ්‍රී ලනිපයේ ජේෂ්ඨයන් පිරිසක් සුසිල් ප්‍රේමජයන්ත මහතා අගමැතිධුරයට පත් කිරීම වඩා හිතකර බවට මතයක් ගොඩ නගමින්ද තිබේ.

දිනේෂ් ගුණවර්ධන් ශ්‍රීලනීපයේ සාමාජිකයෙක් නොවීම තුල ඔහුව අගමැති බවට පත් කර සහය දීමත් රනිල් වික්‍රමසිංහට සහය දීමත් අතර වෙනසක් නැතැයි ශ්‍රී ලනීපයේ ප්‍රබලයන් ‍රැසකගේ මතය වී තිබේ.

මේ තත්වය හමුවේ විශ්වාස භංගය විපක්ෂය ජය ගත්තද ආණ්ඩුවක් පිහි‍ටුවීම අර්බුදයකට යාම සිදු විය හැකි බව පෙනෙන්නට තිබේ.

Last modified on Monday, 08 June 2015 10:13

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us