හිටපු කම්කරු අැමති ගාමිණී ලොකුගේ විසින් ලංගමයේ අනන්‍යතාව සහිත අරමුදල් ගිණුම සූක්ෂමව සැලසුම් කර කම්කරු දෙපාර්තමේන්තුවට පවරා ගත් බවත් ලංගම සේවකයින් ඒ තත්වයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගයක්ද ගෙන අැති බව සදහන් කරයි.
ජනාධිපතිවරයා වෙත ලිපියක් මගින් මෙසේ කරුණු දක්වමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ඉල්ලා සිටින්නේ මෙම ප්‍රශ්නය නිරාකරණය කර දෙන ලෙසය.
වෘත්තීය ක්‍රියාමා්ගයක් ගැනීමට ඉඩ නොතබා බැංකුගත කිරීම් පැහැර හැර අැති හිග අර්ථසාධක අරමුදල් රුපියල් කෝටි 1000 වැඩි මුදලේ ගැටළුව සහ ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලයේ අර්ථ සාධක අරමුදලේ ගිණුමේ ගැටලුව විසදීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා සිටී.
සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපතිවරයා වෙත යොමුකල ලිපිය පහතින් දැක්වේ.