ජනපති විශ්වාසභංගය ගැන නොසතුටින්

Published in පුවත්
Monday, 08 June 2015 11:18
මේ අවස්ථාවේ වෙන කිසිවකට වඩා ප්‍රමුඛතාව දිය යුත්තේ 20වන සංශෝධනයට බැවින්  අග්‍රාමාත්‍යවරයාට  එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ජනාධිපතිවරයාගේ කැමැත්තක්  නොමැති බව වාර්තා වේ. පසුගියදා එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂවල නායකයන් පිරිසක් හමුවේ ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. 
 
අගමැතිට එරෙහි  විශ්වාසභංග යෝජනාව පසුගිය සිකුරාදා මන්ත්‍රීවරු 112 ගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු ලේකම් ධම්මික දසනායක මහතාට බාරදෙන ලදී. එය බහුතර ඡන්දයෙන් අනුමත වුවහොත් කැබිනට් මණ්ඩලය නිතැතින්ම විසුරුවා හැරේ. 
 
එසේ සිදු වුවහොත් පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තකින් යුතු අගමැතිවරයෙක් පත්කරගැනීමට ජනාධිපතිවරයාට සිදු වේ. නමුත් වාර්තා  වෙන පරිදි මෙම විශ්වාසභංගය පාර්ලිමේන්තු කටයුත්තක් ලෙස පිළිගැනීමට ජනාධිපතිවරයාගේ කැමැත්තක් නොමැත. 
 
කෙසේවෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යෝජිත විසිවැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡා කෙරෙන තීරණාත්මක කැබිනට් රැස්වීමක් අද (08) පස්වරුවේ  කැඳවා තිබේ. දැනට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා අවසන් අනුමැතිය ලබා ගැනීම මෙම විශේෂ කැබිනට් රැස්වීමේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us