මහින්ද, හම්බන්තොට වරායෙන් රටට කොරපු හරිය මෙන්න

Published in පුවත්
Tuesday, 09 June 2015 20:20

හම්බන්තොට වරාය ඉදිකිරීමට පවත්නා පොළියට වඩා ඉහළ පොළී අනුපාතිකයකින් විදේශ ණය ලබා ගැනීම නිසා වසරකට රුපියල් බිලියන 02 ක පාඩුවක් විඳීමට සිදුව ඇතැයි ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවේදී අද (09) අනාවරණ කළේය.

2007 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 307 ක ණයක් ලබාගෙන ඇති අතර, ඊට වසර 15 ක් යනතුරු 6.3% ක පොළියක් ස්ථාවරව ගෙවිය යුතු යැයි හිටපු මුදල් අමාත්‍යවරයාද වූ හිටපු ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. මේ නිසා අද දවසේ අදාළ පොළී අනුපාතිකය 0.4% ට පහත වැටී ඇතත්, 6.3% ක පොළියක් අඛණ්ඩව ගෙවීමට සිදුවීමෙන් අධික පාඩුවක් සිදුවී ඇති බවයි ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේය.

මේ අතර, පසුගිය පාලන සමයේ රාජ්‍ය බැංකු 3 කින් මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 96 474 ක ණයක් පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ලබාගෙන ඇති බවද අද පාර්ලිමේන්තුවේදී අනාවරණ විය.


හිරු ඇසුරෙනි

 

Last modified on Tuesday, 09 June 2015 20:28

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us