20 තීරණය පාර්ලිමේන්තුවට. සංශෝධනයට ඉඩකුත්

Published in පුවත්
Tuesday, 09 June 2015 20:28

කැබිනට් අනුමැතිය හිමිවූ විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීන්දුව පාර්ලිමේන්තුව විසින් ගත යුතු බවට අද (09) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය වී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම අද පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි. එහිදී ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබාදුන් අයුරින් විසිවන සංශෝධනයටත් සන්ධානයේ සහය ලබාදෙන ලෙසය. ඊට අදාළ සංශෝධන ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේදි අවසන් තීරණයක් ගත හැකි බව එහිදී ජනාධිපතිවරයා මන්ත්‍රී කණ්ඩායමට ප්‍රකාශ කළේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමද අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විය. එහිදීද විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාකර තිබේ. ඊට අදාළව නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එකඟතාවකට පැමිණ ඇත.

Last modified on Tuesday, 09 June 2015 21:23

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us