ඉන්දියානු මාවෝවාදීන් 12ක් මරුට

Published in විදෙස්
Tuesday, 09 June 2015 16:35

ඉන්දීය පොලිසිය සිදුකළ මෙහෙයුමකින් මාවෝවාදී සටන්කාමීන් ලෙස සැකකෙරෙන පුද්ගලයන් 12 දෙනෙකු ඝාතනයට ලක්ව තිබේ. නැගෙනහිර ඉන්දියාවේ මාවෝවාදීන්ගේ ක්‍රියා බහුලව සිදුවන ප්‍රදේශයක් වන පාලමු දිස්ත්‍රික්කයේ වනාන්තරය තුල ඇති වූ ගැටුමකින් මෙම ඝාතන සිදුව ඇත.

තවත් වාර්තාවක දැක්වෙන්නේ වාහනයකින් ගමන් කරමින් සිටි මාවෝවාදීන් පිරිසක් පොලීසිය විසින් නවත්වා පරික්ෂා කිරීමට යාමේදී මෙම ගැටුම සිදු ඇති බවයි.

පොලිසිය පවසන පරිදි සටන් කමින් ස්වයංක්‍රීය ගිනි අවිවලින් පොලිසියට වෙඩිතබා තිබේ. කෙසේවෙතත් මෙම ගැටුමේදී කිසිදු පොලිස් නිලධාරියෙකුට හානියක් සිදුව නොමැත.

මාවෝවාදීන් පවසන පරිදි ඔවුන් සටන් වදින්නේ සමාජවාදී පාලන ක්‍රමයක්, ග්‍රාමීය ප්‍රදේශවල දුප්පත් කම නැති කිරීමේ සහ ගෝත්‍රික ජනතාවගේ අයිතීන් වෙනුවෙනි. 1960 වසරේ බටහිර බෙංගාලයෙන් ඇරඹුණු මාවෝවාදී ව්‍යාපාරය මේ වනවිට ඉන්දියාවේ පරිපාලන නගර 600ක් පුරා විහිදී පවතී.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us