මේ ස්මාට් දුරකතන යෙඳුම හරහා යොදාගන්නා සාක්ෂි ඇසින් දුටු සාක්ෂි ලෙස භාවිත කිරීමේ හැකියාවක් අැති බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මෙම යෙදුම හරහා අදාළ සිදුවීම සිදුවූ දින වකවානු, එම ස්ථානයේ ජී.පී.එස්. දත්ත, ඡායාරූප හා වීඩියෝ දර්ශන සත්‍යද නැතහොත් නිර්මාණය කර තිබේද යනාදී සියලු දේ පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමට හැකිවන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ පැවැති යුදමය කාලසීමාවේදී මෙවැනි වීඩියෝ දර්ශණ, ඡායාරූප නිකුත් වුවත් ඒවායේ සත්‍යතාව පිළිබඳව ගැටලු මතුවීමේ තත්වයද උදාහරණයට ගෙන මෙම යෙදුම නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.