ජාතික හා ජාත්‍යන්තර අවශ්‍යතා අනුව අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධනය කළ යුතුයි-ජනපති

Published in පුවත්
Tuesday, 09 June 2015 15:56

මෙරට අධ්‍යාපන ප්‍රතිපත්ති ජාතික හා ජාත්‍යන්තර අවශ්‍යතා පදනම් කර ගනිමින් තවදුරටත් සංවර්ධනය කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.ජනාධිපති කාර්යාලයේ දී අද (09)පෙරවරුවේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිලධාරීන් හමුවු අවස්ථාවේදි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

පාසල් තුළ තාක්‍ෂණික විෂයන් ඉගැන්වීම, ප්‍රවර්ධනය කිරීම මෙන්ම ජාතීන් අතර සුහදතාව වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව වන සන්නිවේදන කුසලතා වැඩි දියුණු කිරීමේ අරමුණින් භාෂා විෂයන් ඉගැන්වීම ද ප්‍රවර්ධනය කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සිංහල සිසුන්ට දෙමළ භාෂාව ද දෙමළ සිසුන්ට සිංහල භාෂාව ද ඉගැන්වීම කෙරෙහි අදට වඩා ශක්තිමත් වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිළධාරීන් විසින් එම කොමිෂන් සභාවේ මෙතෙක් කටයුතු සම්බන්ධයෙන් මෙන්ම ඉදිරි යෝජනා සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමා දැනුවත් කරනු ලැබීය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක මහතා ප්‍රමුඛ එම කොමිෂන් සභාවේ නිළධාරීන් සහභාගීව සිටියහ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us