20 ට අපි විරුද්ධයි - මනෝ ගනේෂන්

Published in පුවත්
Tuesday, 09 June 2015 15:21

ඊයේ දිනයේදී කැබිනට් මණ්ඩලයේදී සම්මත වූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කිසි සේත් එකග වීමට නොහැකි බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානය පවසයි. නායක මනෝ ගනේෂන් මහතා පෙන්වා දෙන්නේ තම පක්ෂයේ නියෝජ්‍ය නායක පී.දිගම්බරන් මහතාගේ විරෝධය ද නොතකමින් අදාළ සංශෝධනය කැබිනට් මණ්ඩලය තුළ සම්මත කර ඇති බවයි. පෙර යෝජනා කළ පරිදිම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සංඛ්‍යාව 255 දක්වා ඉහළ දැමිය යුතු බවත් ඊට ජනතාව කිසිසේත් විරුද්ධ නොවන බවත් ඒ මහතා සදහන් කර සිටී.

සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසුවේ සුළු ජාතීන්ට මෙමගින් අසාධාරණයක් සිදුවන්නේ නම් ඊට එරෙහිව සටන් කරන බවයි.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මහලේකම් වයි. එල්.එස්. හමීඞ් මහතා පැවසුවේ මෙම ඡන්ද ක්‍රමයෙන් සුළු පක්ෂ දියවී යන බවයි.

ආසන ක්‍රමය ඇතුළත් නව මැතිවරණ ක්‍රමයට අදාළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලය අනුමත කළ අතර ඒ සමගින් මන්ත්‍රී ධුර සංඛ්‍යාවේ වැඩිවීමක් ඇති වන්නේ නැති බවත් ඒ අනුව ආසන ක්‍රමය යටතේ මන්ත්‍රී ධුර 125ක්ල සමානුපාතික ක්‍රමය යටතේ මන්ත්‍රී ධුර 75ක් සහ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර 25ක් ලෙස නව මැතිවරණ ක්‍රමය සංශෝධනය කර තිබෙන බවයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us