සිරා මරා බලු පූට්‍ටු කුමන්ත්‍රණයට එරෙහිව මේ වන විට එල්ල වී ඇති විදේශීය බලපෑම හමුවේ සිරිසේන ජනාධිපතිවරයාට තමන්ගේ කුමන්ත්‍රණකාරී මෙහෙයුම අකුලා ගැනිමට සිදුව තිබේ. ලබන 05 වනදා පාර්ලිමේන්තුව ‍රැස් කිරීම සඳහා කතානායකවරයාට ඉඩ දිමට සිදුව තිබෙන්නේද ඒ අනුවය.

ජනාධිපතිවරයා අද දින කැඳවා තිබු ශ්‍රිලනීප ආසන සංවිධායක රැස්වීමෙදී ශ්‍රීලනිපයෙ මන්ත්‍රී කණ්ඩායමක් එජාපය සමග එක්වීමට නියමිතව සිටින බව ප්‍රකාශ කර තිබේ. මෙම රැස්වීම සඳහා සියලුම ආසන සංවිධායකයන් කැදවා තිබූ නමුත් සංවිධායක ධුර හොබවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 11 දෙනෙක් පැමිණ සිටියේ නැත. ඒ අතර දුමින්ද දිසානායක ද සිටි බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

සිරා මරා බලු පූ‍ට්ටුවේ පාලනය ගෙන යාම සඳහා අවශ්‍ය කරන බහුතර මන්ත්‍රී සංඛ්‍යාව මිලදි ගැනිමට නොහැකි වීමේ බරපතල ගැටලුවකට ඔවුන් මුහුණ පා සිටී. අද සවස ශ්‍රීලනීපයේ දුමින්ද දිසානායක සමඟ බැසිල් රාජපක්ෂ පැය 3 කට ආසන්න කාලයක් සාකච්ඡා කළද දුමින්ද දිසානායක ඇතුළු කණ්ඩායම දිනා ගත නොහැකිව තිබේ.

මහින්ද රාජපක්ෂ සමඟ ආණ්ඩුවක් පිහි‍ටුවීමට සහය පළ කළේ ප්‍රතිපත්තිමය කාරනා නිසා බවට පැත්ත මාරු කළ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු අදහස් පළ කළද පැහැදිලිම කරණාව වන්නේ තමන්ට ලැබුණු සල්ලි මල්ලේ ප්‍රමාණය අනුව මෙය සිදු කළ බවය.

පසුගිය 26 වන දින රාත්‍රියේම අයි ටී එන් පරිශ්‍රයට කඩා වැදී එහි බලය අල්ල ගත් සුදර්මන් රදලියගොඩ ඇතුලු එම කල්ලියේ මැර පිරිස තමන්ට ඕනෑ ඕනෑ හැටියට ආයතනයේ කටයුතු මෙහෙයවීමට ගැනීමත් සමඟ මේ වන විට එහි සේවක සේවිකාවන් ‍රැසක් ඉවත්ව ගොස් තිබේ.

අගමැතිවරයා ඉවත් කිරීම නව අගමැතිවරයෙක් පත් කිරීම පිළිබද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විධිවිධාන

රටක ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් සිදුවන බල හුවමාරුවකින් පසු අදාල නායකත්වයට සුබ පැතුම් එක් කිරීම ලෝක රාජතාන්ත්‍රික සම්ප්‍රදාය ය. එයින් අදහස් වන්නේ ඒ සම්බන්ධයෙන් ලෝක ප්‍රජාව දැනුවත් බවත්, අදාල පාර්ශවයේ ඉදිරි වැඩකටයුතු සඳහා රටට සහයෝගය පල කරන බවත් ය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකලාපය නිසා ශ්‍රී ලංකාවට GSP+ බදු සහනය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. ඊයේ යුරෝපා සංගමයේ තානාපති ටුන්ග් - ලායි - මාග්‍යු සිරිසේන ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබෙනවා.

මහින්ද රාජපක්ෂ දශක හතරකට වැඩි දේශපාලන අත් දැකීම් ඇත්තෙකු වූවද හැමදාම බලයට ආවේ නින්දිත නිවට ක්‍රමවේදයන් පාවිච්චි කරමිනි.

ජාතික ලොත‍රැයි මණ්ඩලයේ සේවකයකු වන රියැදුරු හිමේශ් නිසන්සල ද සිල්වා නැමැත්තාට රාජපක්ෂ බත් බැලයන් විසින් මීට සුලු මොහොතකට පෙර පහර දී ඇත.

Connet With Us