අරුන් මේමයි උන් මේමයි කෝ ඇමලිකාවෙ මානව ඉමිකං ඥෑ - සිරා මරා බයි පීපල්ස් Featured

Wednesday, 31 October 2018 12:04

රටක ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් සිදුවන බල හුවමාරුවකින් පසු අදාල නායකත්වයට සුබ පැතුම් එක් කිරීම ලෝක රාජතාන්ත්‍රික සම්ප්‍රදාය ය. එයින් අදහස් වන්නේ ඒ සම්බන්ධයෙන් ලෝක ප්‍රජාව දැනුවත් බවත්, අදාල පාර්ශවයේ ඉදිරි වැඩකටයුතු සඳහා රටට සහයෝගය පල කරන බවත් ය.

නමුත් තවමත් ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයකු පත්වී දින කිහිපයක් ගතවුවත් තවමත් එවැනි සුබපැතීම් ලැබී නැත.. සුබ පැතුම් එක්කර ඇත්තේ බුරුන්ඩි දේසය හා චීනය පමණි. චීනාද දෙපැත්තට වැනෙන බව පෙනී යයි.

ලොව බලවත් රටවල් කෙසේවෙතත් අසල්වැසි ඉන්දියාව හෝ කුඩා දූපත් මාලදිවයිනෙන් හෝ සුබපැතුම් එක්කර නැත.

සුබ පැතුම් එක්කර ගැනීම කෙසේවෙතත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව , යුරෝපා සංගමය, හා එංගලන්තය ද මේ ප්වත්නා තත්වය සම්බන්ධයෙන් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි, වහාම වෙනස් විය යුතු ස්තාවරයක ය. ඊයේත් එංගලන්ත පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව කතා බහට ලක්විය.

දැන් "අනී අපිට ලෝකින් වැඩක් ඥෑ... උන් මුක්කුදෑ අපී සුවාඩීනට්වයටෑ ඇංගිලි ගාන්නී.. ෂිංහල විවෂ්ටාවී ටිබ්බනී...බ්ලා බ්ලා බ්ලා.." කියා නහයෙන් අඬා තේරුමක් නැත.

ඔබත් මමත් වටහාගෙන සිටිය යුතු සත්‍ය යතාර්තය වන්නේ ලෝක භූ දේශපාලනය තුල අප සිටින්නේ කොතැනද කියාය. ඕන ගොංපාට් එකක් දමා ලෝකෙන් ගේම ඉල්ලීමට සෞදිය හෝ රුසියාව මෙන් තෙල් හෝ ගෑස් නැත. ඇමරිකාවට මෙන් මහා යුධමය බලයක් නැත. චීනයට මෙන් ආර්ථික බලයක් නැත. අපි තවමත් ලෝකයෙන් යැපෙන ණය කන්දක හිරවුනු, දවස් තුනක් වරාය ගුවන්තොටුපල වැහුවොත් හිඟන තත්වයට ඇදවැටෙන ලෝකෙන් හතරෙන් තුනක් නමවත් අසා නැති හිඟන දූපතකි. අකමැති වුවත් ඇත්ත ඕක ය.

එහෙම රටක පූරුවේ පිනකට ඉපදුනානං ජාත්‍යන්තරය සමග උපායශීලී ලෙස සම්බන්ධ වීම හා ගණුදෙනු කිරීම, හිත දිනාගැනීම, සහයෝගය ලබා ගැනීම ආදිය උපායශීලීව හා රාජතාන්ත්‍රික ලෙස සිදුකල යුතුය.

රට පොඩියි කියා හෝ දුප්පත් කියා ලෝකයෙන් කටුව ගැසීමට පැමිණෙන්නේ නැත. එය උපායශීලීව රාජතාන්ත්‍රිකව විසඳාගත්විට ඒවා අදාල වන්නේ ද නැත.
උදාහරණයක් ලෙස කොළඹටත් වඩා කුඩා සිංගප්පූරුව ආසියාවේ ආර්ථිකය හා දේසපාලනය තුල තීරණාත්මක සාධකයක් බවට පත් කිරීමට ඔවුන්ට හැකිවුනේ ඒ දියුණු රාජතාන්ත්‍රික සබඳතාවය නිසා ය.

සිරිමාවෝ බණ්ඩාරනායක යුගයේදී ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රික සබඳතා මගින් ලෝක මට්ටමේ යුද්ධ පවා නැවැත්විය හැකි, ලෝක මට්ටමේ ප්‍රශ්ණ වලදී පවා බලපෑම් කළ හැකි රටක් බවට ලංකාව පත්වුනේ රාජතාන්ත්‍රික සබඳතාවය නිසාය.

ඉතින් ලෝකය සමග ගණුදෙනු කිරීමට නොහැකිනම් එක්කෝ රට පිටින් වැළලීමට සූදානම් විය යුතුය. නැත්තං රාජාණ්ඩුවක් පිහිටුවා වහලුන් ලෙස උතුරු කොරියාව වගේ සියලු දොරවල් වසා හුදකලාව ජීවත් වීමට සූදානම් විය යුතුය. ( උනුත් දැන් එලියට එමින් ඩිටියි. )

මේ තත්වය සෙල්ලමක් නොවේ.

දිගින් දිගටම ජනාධිපතිවරයා සිංහල ව්‍යවස්ථාව බලමින් ආතල් ගැනීමට යාමෙන් ජාත්‍යන්තර සම්බාධක තත්වයකට, ණය ලබා දීම අත්හිටුවීමකට හෝ එවැනි වෙනත් තීරණකයකට ජාත්‍යන්තරය එළඹුනොත් අපිට ජාත්‍යන්තරේ අදාල නෑ ඩෝ.. රාවණාගෙ කාලේ ලෝකෙටම ගැහුවා පාට් අදාල නැති බවත් එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය ඉදිරිපිට විමල් වීරවංසව බිලි දුන්නත් තත්වය සමනය වන්නේ නැති බවත් ඔබේ හය හතර නොදත් ඇමරිකන් විරෝධී දේසප්‍රේමියාට කියා දෙන්න. මිත්‍රවරුනි අපි සිටින්නේ තෙල් නැවක් දෙදිනක් ප්‍රමාද වුවහොත් හිඟමනට වැටෙන තත්වයක බව වටහාගන්න.

ආසියාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ලෙසත් මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදය රකින රාජ්‍යයක් ලෙසත් ලෝකය ඉදිරියේ කීරිමත්ව සිටි අපි 83/88/89 කාල වලදී හා යුධමය වාතාවරණයන් වලදී මහමග මිනී පුළුස්සා ජාත්‍යන්තරය ඉදිරියේ මිනීකන්නන්ගේ දේසයක් බවට පත්වී නිරුවත් වුනෙමු..

ඒ කැළල් මකා ගැනීම සර්ෆෙක්සෙල් දැමීම පමණින් සිදු නොවේ.

ඉන් පසු යුධමය වාතාවරණය නිසා ජාත්‍යන්තරය ඉදිරියේ නැවතත් මානව හිමිකම් චෝදනා වලට ලක්වී අනූ නමයෙන් ෂේප් කරගෙන සිටින්නෙමු.

දැන් ජනාධිපතිගේ ඔබද අගමැති මම ද අගමැති නාඩගම හරහා මින් පෙර කිසිදාක නොවූ ලෙස බලහුවමාරුවක් දරුණු විවේචනයකට ලක්වී ඇත.

මෙයින් ගැලවීමට දැන් මට පෙනෙනා එකම විසඳුම වහාම පාර්ලිමේන්තුව රැස් කිරීම පමණි. සිංහල ව්‍යවස්ථාවේ ඊම මීම තියනවා කියා මෝඩ තර්ක ඇදබා ජාත්‍යන්තරය දිනාගත නොහැකි බව සරල ජනාධිපතිට කවුරු හෝ වටහා දෙන්න.

ඒ වගේම පාර්ලිමේන්තුව රැස් කිරීමේදී පැමිණෙන්නේ හා අගමැති විය හැක්කේ රනිල් වික්‍රමසිංහට පමණක් ය මහින්දට අගමැති විය නොහැකිය. ඒ නිසා පාර්ලිමේන්තුව රැස් කිරීමට කියන්නේ රනිල් අගමැති කිරීමටය කියා සිතා සිටිනා ඔබේ හය හතර නොදත් බයි මිතුරාට තත්වය වටහා දෙන්න.

පාර්ලිමේන්තුව රැස් කර කවුරු අගමැති වුවත් අපට කමක් නැත.

උදාහරණයක් ලෙස රනිල්ට එරෙහිව විශ්වාසභංගය විපක්ෂය ජයග්‍රහණය කලානම් අගමැති වන්නේ මහින්ද ය. ඉතින් අපිට ගැටළුවක් නැත. එසේනම් ජාත්‍යන්තර බලපෑම් එල්ල වන්නේද නැත.

ඒ නිසා ජාත්‍යන්තර බලපෑම් එල්ල වන්නේ මහින්ද රාජපක්ස පුටින් මෙන් ජාත්‍යන්තරේට හිසරදයක් නිසා නොව ජනාධිපතිවරයා බලහුවමාරුව සිදුකල ආකාරයේ ඇති ගැටළුසහගත තත්වය නිසා බවත් ගැටළු ඇති දේසප්‍රේමියන්ට කියා දෙන්න.

මිතුරනි..
ජාත්‍යන්තරය විරසක කරගෙන අපට පැවැත්මක් නැත.
ඔවුන්ගේ එකම එක පෑන් පාරකින් කන්න නැතිවූ විට හැමෝගේම දේසප්‍රේමය අවසන් වන බව සිහිතබා ගන්න.
ජාත්‍යන්තරය සමග සහයෝගයෙන් සිටීම යනු ස්වාධීනත්වය කෙලෙසා ගැනීමක් නොවේ. සිංගප්පූරුව එයට හොඳම උදාහරණය ය.

අපට ජාත්‍යන්තරය ඉදිරියේ ස්වාධීනව සිටගැනීමට සිදුකල හැකි එකම දේ රට තුල නීතියේ ආධිපත්‍යයත් ප්‍රජාතන්ත්‍රවාදයත් ස්තාපිත කිරීමය.
අරුන් මේමයි උන් මේමයි කෝ ඇමලිකාවෙ මානව ඉමිකං ඥෑ ගා නහයෙන් නොඅඬා පවත්නා තත්වයට මුහුණ දීමට සූදානම් වන්න. උන් එහෙමය කියා අපිට එහෙම බැරිය. ඔබ සිටින්නේ ලෝකෙන් තුන්කාලකට වැඩිය නොදන්නා මෙලෝ බලයක් ආර්තික සක්තියක් නැති චුට්ටං දූපතක බවත් ලෝකය තිබෙන්නේ ලංකාව තුල නොව ලංකාව ඇත්තේ ලෝකය තුල බවත් පොර ටෝක් දීමට පෙර සිහිතබා ගන්න.

- චමල් අකලංක පොල්වත්තගේ

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us