2005 දී ජනාධිපතිවරණය ආරම්බ කළේම හෙල්පින් හම්බන්තොට ගිණුමේ මුදල් කොල්ල කා ගනිමිනි. එමෙන්ම එදා ජනාධිපතිධුරය ලබා ගත්තේ එල් ටී ටී ඊ සංවිධානයට මුදල් ලබා දීම මඟිනි.
2010 දී මුලු මහත් රාජ්ය යාන්ත්රණයේ හැකියාවන් පාවිච්චි කරමින් බලය පැහැර ගත්තේය, 2015 වසරෙදී ද එම උපක්රමය පාවිච්චි කරමින් මෙතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම මුදලක් යොදා ගත් මැතිවරණය එය බවට පත් කර ගත්තේය. එපමණක් නොව එම ජනාධිපතිවරණයටත් චීන රජයෙන් ඩොලර් මිලියන් ගනනින් මුදල් ලැබී තිබිණි.
අද චීන රජයේ උදව්වෙන් ක්රියාත්මක කළ සාහසික කුමන්ත්රණයක් මගින් බලය කොල්ල කා ගැනිමට උත්සහ කරමින් තිබේ, අද මේවන විට ඩොලර් මිලියන 100 කට ආසන්න මුදලක් මන්ත්රීවරු දිනා ගැනීම වෙනුවෙන් වැය කරමින් තිබේ.
රාජපක්ෂවරුන්ගේ හම්බන්තොට දේශපාලන ඉතිහාසයද මුලුමනින්ම කුමන්ත්රණ හා මිනී මැරුම් වලින් පිරුණු එකක් බවත් සඳහන් කළ යුතුය.
වසර දහයකට ආසන්න රාජපක්ෂ පාලනය යනු මේ රටේ දූෂිතම පාලනය බවට විවාදයක් නැත, දුෂණ වංචා මිනීමැරුම් රාජපක්ෂලා නමිත් කොතෙකුත් තිබිණි. මෛත්රීපාල සිරිසෙන වැනි පිස්සෙක් මෝඩයාට අන්දවමින් අද මේ සිදු කරනු ලබන කුමන්ත්රණකාරී බලය පැහැර ගැනීම අවසානයේ ඉතුරු කරනු ලබනේ මහා විනාශයක් මිස වෙනකක් නොවන බව නැවත නැවත කිව යුතු නොවෙ. එය රාජපක්ෂ ඉඳුල් වලින් බඩ කට පුරවා ගන්නා මෝඩ බත්බැලයන් හැර අන් ඕනෑ අයෙකුට තේරුම් ගත හැකි ඇත්තකි.